විදුපත් ඉරුව
2017 පෙබරවාරි 08 බදාදා
විද්‍යාඥයින් විසින් සිදුකරනා විද්‍යා
සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුවම විචිත්‍රවත් කරයි. පසුගිය ජනේරුවේ අගබාගයේ හාවර්ඩ්
විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක් නිසා
විද්‍යා ලෝකය මේ වනවිටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් පවතී. “ලෝහමය හයිඩ්‍රජන්”
යනු මෙතුවක් කල් විද්‍යාඥයින් අතර සිහීනයක් වැ තිබු උපකල්පිත පදාර්තමය අවස්තාවක්
වේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස් යන දෙපල
විසින් විද්‍යා පත්‍රිකාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට
සමත් වූ බවයි. මේ පිලිබඳ පර්යේෂණ කරනා මෙන්ම නිරන්තර අවදියෙන් සිටිනා බොහෝ
විද්වතුන්ගේ අවධානයට ලක් වූ මෙම පත්‍රිකාව විද්‍යාත්මක පත්‍රිකාවක තිබිය යුතු සමහර
ගුණාංග නොතිබූ නිසා තරමක් විවෙචනයට ලක් වුවද බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ.
අප දන්නා පරිදි හයිඩ්‍රජන් ආවර්තිතාවේ
පළමු මූලද්‍රව්‍ය වේ. සොබාවික පරිසරයේ දී වායුවක් ලෙස හැසිරෙන මෙම මුලද්‍රව්‍යය ද්‍රවයක් කිරීමට නම් අධික සිතලකට ලක් කල යුතු
වන අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක -259.16 පමණ වෙයි. ඝනයක් බවට පත් කරන්නට අවැසි
නම් තව තව සිසිල් කල යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක් කල යුතු වෙනවා. හාවර්ඩ්
සරසවියේ විද්වතුන් දෙපල හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්වයට පත් කිරීම සදහා ලබා දුන්
පීඩනය ගිගා පැස්කල් 495ක් පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නාවූ පිඩනයටත් වඩා
අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පිඩනයට ලක් කරන විට මුලින්ම
කළු පැහැති ඝනයක් බවට පත්වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තව දුරටත් පීඩනය
වැඩිකළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපද වෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපද වූ හයිඩ්‍රජන්
වල ලෝහමය අවස්තාව නිසැකවම නිශ්චය කර ගැනීම සදහා ඉදිරියේදී ඉලිනොයිස් සරසවිය වෙත
ගෙන ගොස් X කිරණ පර්යේෂණ වලට ලක් කිරීමට
අදහස් කරන බවයි ඔවුන් දෙපල පවසන්නේ.
මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන් වල අනගත
පැවැත්ම කෙබඳු වේද යන්න විද්‍යාඥයින් කතා බහට ලක් කල කරුණකි. බොහෝ දෙනෙකුගේ අදහස
වූයේ වරක් අධික පිඩනයට ලක් කර ලෝහමය හයිඩ්‍රජන් නිපද වූ විට ලබා දුන් පිඩනය සහ
උෂ්ණත්වය ඉවත් කල පසුද ලෝහමය ස්වභාවයෙන්ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් “විරූපණ
ස්ථායි” (Meta Stable) ද්‍රව්‍යයන් ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘතුවි මධ්‍යයේදී අධික
පීඩනයකට ලක්ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතිනා වැනිය. ලෝහමය
හයිඩ්‍රජන් නිපද වීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බවයි විද්‍යාඥයින්ගේ
අදහස වන්නේ.
අද ලෝකයේ විද්‍යුතය ගමන් කරවීම සඳහා
යොදා ගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්තර කල යුතු වන්නේ නැහැ. විශේෂඥයින් පවසන
පරිදි විද්‍යුතය සන්නයනය කිරීමේදී අවමය 15% වත් විද්‍යුතය අපතේ යන බවයි පැවසන්නේ.
සොබවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවයක් පෙන්නූවද එම ද්‍රවය
වලද කිසියම් ප්‍රතිරෝධයක් ඇති නිසා මෙම තත්වය උද්ගතවන බව පැවසේ. නමුත් ලෝහමය හයිඩ්‍රජන්
භාවිතා කල හැකි නම් 100% විද්‍යුතය සන්නයනය කල හැකි බවයි විද්‍යාඥයින්ගේ අදහස්
වන්නේ. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්‍යුත් සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක්
නොපෙන්වන සුපරි සන්නායක සතු ගුණ පෙන්වන බවයි. ලෝහමය හයිඩ්‍රජන් වල තවත් එක් අපූරු
යොදාගැනීමක් ලෙසට යෝජනා කරන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදා ගැනීමයි. එමගින්
ඉතා හොඳ ශක්තියක් සහ දුෂණය අවම වන ප්‍රතිඵලයන් අත්කර දෙන බවයි විද්‍යාඥයින්ගේ අදහස
වන්නේ. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක් ලෙස යොදාගැනීමේ තවත් වාසියක් ලෙස ඔවුන් දකින්නේ
වෙනදා යොදා ගන්නා ද්‍රව හයිඩ්‍රජන් වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන
ප්‍රමාණයක් භාවිතා කර වැඩි දුරක් යාමට හැකි වීමයි. කෙසේවෙතත් ලෝහමය ඉන්ධන මහා
පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්ථා මතු
වනු ඇත.
ලෝහමය හයිඩ්‍රජන් පිලිබඳ අදහස මුලින්ම
ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයින් දෙදෙනා විසින්
1935 දිය. ඔවුන් පැවසුවේ ගිගා පැස්කල් 25 දී පමණ ලෝහමය තත්වයට පත් කල හැකි බවයි.
එදා සිට අද දක්වාම නොයෙකුත් පීඩන තත්ත්ව වල මෙම පර්යේෂණය සිදු කර ඇති අතර එමගින්
විග්නර් සහ හනින්ටන් උපකල්පනය කල පිඩනයට වඩා ඉතා අධික පීඩනයක් අවැසි බව පැහැදිළි
වී ඇත.
මතබේදාත්මක කරුණ කාරණා ඉස්මතු වුවද ඉතා
අගය කල යුතුවාක් මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක් ලෙස මෙය
හැඳින් විය යුතුය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක් වන්නේ මෙම
පර්යේෂණයේ සම අයිතිකරුවෙකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයෙකු බැවිනි. කාලීනව ඉතා අපූරු
පර්යේෂණ අවස්තාවක් ලැබීමට ආචාර්ය රංග ඩයස් මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත
යුතුය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම සදහා අවශ්‍යවන පසුබිම තවමත්
නිර්මාණය වී නොමැති බැවිනි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ