Wednesday, 8 July 2020
භූ සංචාරිතයට කදිම වවුල්පනේ ටුෆා ගුහාව ….!!!
The article is originally published on Vidusara, 08.07.2020.
ලෝකයේ ඉතා සුප්රසිද්ධ ගල් ගුහා බොහොමයක් නිර්මාණය වී ඇත්තේ හුණුගල් තුලයි. හුණුගල් යනු අවසාදිත පාෂාණයක් වන අතර එහි රසායනික සංයුතිය කැල්සියම් කාබෝනේට් වෙයි. මැග්නීසියම් කාබෝනේට් ද එහි නැතුවා නොවෙයි. මලයාසියාවේ "බටු ගුහා" එවැනි ආකාරයට හුණුගල් තුල බිහි වූ ගුහා සමුහයකි. ලෝකයේ ගැඹුරුම ගුහාව ලෙස සැලකෙන කෘබේරා ගුහාව පවා නිර්මාණය වී ඇත්තේ හුනුගලක් තුලයි. නමුත් මෙයට වඩා ගැඹුරු ගුහාවක් සොයාගත් බව ගුහා ගවේෂක බිල් ස්ටෝන් 2017 දී කල ප්‍රකාශයත් සමගම එම වාර්තාව බිඳ වැටෙන බව පෙනී යයි. එම ගුහාව හමුවන්නේ මෙක්සිකෝවෙනි. ගුහාවේ නාමය වන්නේ චීව් (Cheve) වන අතර ගැඹුර වන්නේ සැතපුම් 1.6 කි. නමුත් කෘබේරා ගුහාවේ ගැඹුර සැතපුම් 1.3 පමණ වෙයි. කෙසේ වෙතත් මේ ගුහා දෙකම නිර්මණය වී ඇත්තේ හුණුගල් තුල වීම විශේෂත්වය වෙයි. මින් පහැදිලි වන්නේ ගැඹුරු සහ විශාල ගුහා නිර්මාණය වීම සඳහා පාෂාණය බලපාන බවයි. විශේෂයෙන්ම අවසාදිත පාෂාණයක් වන හුණුගල වල දුර්වලතාවය මේ සඳහා හේතුවන බව නිගමනය කල හැක.
හුණුගල ඉතා පහසුවෙන් ජලයේ දියවීම හේතුකොටගෙන මෙවැනි භූ රූපණ නිර්මාණය වන බව අප අවබෝධ කරගත යුතුය. බොහෝවිට මතුපිට ගලා යන ජලය ආම්ලික වන්නේ කාබන්ඩයොක්සයිඩ් මෙන්ම කාබනික ද්රව්යයද එහි දියවීම නිසායි. එනිසා ජලයේ ආම්ලික තත්වය වැඩිවන අතර එනිසා එහි බලපෑම හේතුකොටගෙන කබෝනේට දියවීම ආරම්භ වේ. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය වැඩිවීම ද මේ තත්වය උග්‍ර කරන්නට හේතුවන බව අමතක නොකළ යුතුය. එනිසාම කබෝනේට් පාෂාණ පමණක් නොව සිලිකේට් පාෂාණවල ඉරණම ද තීන්දු කරන්නට හේතුවන බව මෙහිලා සඳහන් කල යුතුය.
භූ සංචාරිතයේ මෙවර අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සුප්රසිද්ධ කාබෝනේට් ගුහාවක් වෙතයි. ඒ වෙන කිසිවක් නොව ඔබ හොඳින් දන්නා "වවුල්පනේ ගල් ගුහාවයි". කහවත්ත නගරයෙන් හැරී කිලෝමීටර හතළිහක් පමණ බුළුතොට රක්වාන කඳුපන්තියේ මුණ ගැහෙනා මේ අපූරු ගල්ගුහාව ඔබ තවමත් දැක බලාගෙන නොමැතිනම් වහාම ඒ සඳහා යොමු විය යුතුමය. සිත සනහන අපූරු ඉසව්වක පිහිටි මේ ගුහාව දැක බලා ගැනීමට දිවයිනේ බොහෝ පිරිසක් එන බව අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාව භූ විද්යාත්මකව ගත්කල නිර්මාණය වී ඇත්තේ විපරීත පාෂාණ වලිනි. එනිසා රටේ බහුතරයක් ප්රදේශවල හුණුගල් (අවසාදිත පාෂාණ) හමු නොවේ. හමුවන්නේ නේ නම් ඒ යාපනය ප්රදේශයේ සහ මන්නාරම ප්රදේශයේ බව සඳහන් කල යුතුය. විපරිත හුණුගල් හඳුන්වන්නේ කිරිගරුඬ යන නමිනි (Marbal). නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වවුල්පනේ ගුහාව එලෙස කිරිගරුඬ පාෂාණයක නිර්මාණය වූ ගල් ගුහාවක් නොවන බව අමතක නොකල යුතුය. මේ සුවිශේෂී නිර්මාණය සිදුවුයේ කෙලෙසකදැයි අප මෙහිදී සාකච්චා කරමු.
පවතින පාරිසරික තත්වයේ සිදුවන වෙනස්කම් නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස්වන අතර එනිසා වැසි ජලයේ ආම්ලිකතාවය අඩුවැඩි විය හැක. මේ තත්වය මත වැඩිවන අම්ර්ලිකතාවය හමුවේ කබෝනෙට් පාෂාණ දියවන අතර ඇතිවන ජල පහර ඔස්සේ මෙම රසායනය වෙනත් වෙනත් ස්ථාන ප්‍රවාහනය විය හැක. එලෙස ප්‍රවාහනය වන කබෝනෙට් රසායනය සුදුසු කල්හි නැවත අවක්ෂේපණය වන අතර එවිට ඝන කැල්සියම් කබෝනේට් බිහිවෙයි. එහිදී ක්‍රමයෙන් ඝන බවට පත් වීමේදී කැල්සයිට් සහ මැග්නසයිට් ඛනිජ බිහිවන අතර එය නව පාෂාණයක් නිර්මාණය කිරීම සඳහා හේතු වෙයි. ජල පහරක දෙපැත්තේ මෙලෙස මෙම ඛනිජය තැන්පත් වීමෙන් ක්‍රමයෙන් ජල පහර වට කරමින් ගුහාවක ආකාරයට බිහි වීම සිදුවේ.
ආම්ලික වැසි ජලය භූ අභ්‍යන්තරයේ වූ කාබනේට් පාෂාණයක් දියකරන්නට සමත් වූ විට දිය වූ රසායනය භූ අභ්‍යන්තර කුහර, කුස්තුර සහ පැලුම් ඔස්සේ ගමන් කර එලියට පැමිණෙන්නේ ජල උල්පතක් ලෙසයි. භූ අභ්‍යන්තරයෙන් එකවරම එළියට පැමිණීම ජලයේ කාබනික සාන්ද්‍රණය වෙනස්කරන්නට හේතුවන අතර එය එකවරම කබෝනෙට් අවක්ෂේප කරන්නට හේතුවෙයි.
ඉහත කී ආකාරයේ පැහැදිලි කිරීමක් "වවුල්පනේ ගුහාව" නිර්මාණය වීම සඳහා යොදා ගත හැක. බොහෝ ඈත ස්ථානයක පවතින කිරිගරුඬ පාෂාණයක් දියවීමෙන් භූ අභ්‍යන්තරයෙන්ම රැගෙන ආ කාබනික ජලය උල්පතක් ලෙසින් එළියට පැමිණීමෙන් ඇති වූ තත්වය හමුවේ අවක්ෂේපණය වූ කාබනේට වවුල්පනේ ඇතිකරන්නට හේතු වී ඇති බව පෙනී යයි. භූ විද්‍යත්මකව මෙවැනි ගුහා හඳුන්වන්නේ ටුෆා (tuffa ) ලෙසයි. උල්පතෙන් ඇති වූ ජල පහර වටකරමින් අවක්ෂේපණය වූ කාබනේට ගුහා ආකාරයේ ව්‍යුහයක් නිර්මාණය කරන්නට හේතු වූ අතර වරින් වර වෙනස්වන ජලපහරේ හැසිරීම ද ගුහාවේ හැඩය තීරණය කරන්නට හේතුවන්නට ඇත. වරින් වර වෙනස් වූ ජල පහරේ ගමන් මග පෙන්නුම් කරමින් ගුහාවේ බිත්ති වල තැන්පත් වූ බෝල ගල් සහ පෙබලු ඉතා හොඳින් දැක ගත හැකි වීම ඉහත කරුණ මනාව සනාථකරන බව මෙහිලා සඳහන් කල යුතුය. ඉතා දිගුකාලයක් තිස්සේ සිදු වූ මෙම අපුරු භූ ක්‍රියාදාමය චාතුර්ත අවධියේ සිදුවූවක් ද ඉන් ඔබ්බට රැගෙන යා හැකිදැයි තවමත් නිශ්චිත කරුණු ගොනු වී නොමැති බව කිව යුතුය. මෙම අවක්ෂේපනයත් සමග ගොනු වූ සමහර සතුන්ගේ ද ශාකවල ද කොටස ප්‍රාග් ජීව ධාතූන් ලෙස මෙහි තැන්පත් වී ඇති බව නිසැකය.
මා වරෙක පැවැසූ පරිදි ගුහා සංචරණය ආදී කාලික පුරුද්දක් බව අමතක නොකළ යුතුය. එනිසා මෙම අපුරු භූ ව්‍යුහයද භූ සංචාරිතයක් කරගන්නට මෙරට බොහෝ ජනතාව උත්සාහ කරන බව පෙනී යයි. නමුත් ඒ සඳහා යොමු වීමේදී බොහෝ කරුණු කාරනා පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. මෙවැනි භූ ව්‍යුහයන් විවිධ ජිවින්ගේ වාසභූමි බවට පත් වී ඇත. එනිසා ඔවුන්ගේ දිගුකාලීන පැවැත්ම තහවුරු කල යුතුය. මිනිසාගේ ඇඟිලි ගැසීම් නිසා සැමවිටම යහපත් පරිසරය අයහපත් වන බැවින් ගුහා සංචරණය නිසි ක්‍රමවේදයකින් සහ පාලනයකින් සිදු විය යුතුමය. එනිසා තවමත් මෙරට එවැනි තත්වයක් ඇති වී නොමැති නිසා ගුහා සංචරණය ප්‍රචලිත කිරිම පිළිබඳව අප දෙවරක් සිතිය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday, 2 July 2020
ගෙඩි ඉල්ලම් ඇතිවන්නේ කොහොමද ?
භූ සංචාරිතය 16
The article is originally published on Vidusara, 01.07.2020.
අපේ රටේ මිණිපුරය රත්නපුරයයි. රත්නපුර බේසමේ තැන්පත් වූ ආදී කාලික මිනිකැට පොළොවේ ගැඹුරට විද විද ලබා ගන්නෝ මැණික් පතල් කරුවෝය. මිනිකැට බරය. තදය. වර්ණවත්ය , නැතහොත් අනෙකුත් බොරළු පෙබලු වලින් සපුරා වෙනස්ය. ඇස හුරුවූවන්ට මිනිකැටයක් හඳුනාගැනීම කජු කනවා වගේය . මෙතරම් අපූරුවට දිස්නේ දෙන ගල්කැට බිහිවන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්රශ්නයකි. මේ පිළිබඳව අප භූ සන්චාරිතයෙන් අද අප කතා කරමු. අපගේ ගමනාන්තය මිනිපුරයට ආසන්න ඇහැලියගොඩටයි.
ඇහැලියගොඩ ප්රසිද්ධ වන්නේ සුවිශේෂී මැණික් පතල් වර්ගයකටයි. ලංකාවේ අනෙකුත් ස්ථානවල ද නැතුව නොවෙයි. නමුත් ඉතා ගැඹුරේ අපට හමුවන මෙම පතල් හඳුන්වන්නේ "ගෙඩි පතල් " ලෙසයි. "ඕන්න පුතේ ගෙඩියක් හෙම මතු වුනොතින් පරම්පරා ගණනාවකට මදැයි" පළිගු සීයා කිවේ බුලත් කහට බැඳුනු තම දත් වහල්ල විලිස්සමින්. පලිඟු සීයා මැණික් පතල් කර්මාන්තය ගැන බොහෝ අත්දැකීම් ඇති දැනට විශ්රාම සුවයෙන් කාලය ගත කරන ගැමියෙකි. ඔහුගේ දවසේ කාරිය දවස් තිස්සෙම බුලත් විට සරි කග ගැනීමයි. ගැනත් ඔහුගේ ක්රියා ගැනත් අත්දැකීම් ගැනත් බොහෝ කතා රාශියක් ඇතිමුත් ඒවා ගැන වෙන වෙලාවක අපි කතා කරමු. එකිනෙකට වෙනස් ත්රාසජනක සහ විනෝදාත්මක කරුණු රාශියක් ඔහු අපට ඉදිරිපත් කලේ වරුවක්ම අපව සිනා සයුරේ ගිල්වමිනි.
පලිඟු සීයාට අනුව හොඳ ගෙඩියක් වැදීම පරම්පරා ගානක් ගොඩයන්නට හේතුවකි. ඒ තරමටම මිලක් ගත හැකි කදිම ජාති ගල් ගෙඩියෙන් හමුවෙයි. "පුතේ ඔය ගෙඩියක තනිකරම තියෙන්නේ එක්කෝ නිල් කැට පලිඟු, නැතිනං රතුකැට පලිඟු ඒත් නැතිනං ගෙවුඩ පලිඟු". පලිඟු කියලා කියන්නේ ඉතා අපුරුවට වැඩුන ස්ඵටික හමුවන නිසා. ගෙඩියක් යනු භූ අභ්යන්තරයේ හමුවන මැණික් නිධියකි, මෙවැනි නිධි මතුපිටට ආසන්නයේ පවා හමුවිය හැක. නමුත් මෙහි විශේෂත්වය මෙම මැණික් ගෙඩි හමුවන්නේ මාලවේ එනම් ජීර්ණය වන පාෂාණයේ වීමයි.
මැණික් නිධි වර්ග දෙකක් ප්රධාන වශයෙන් ලංකාවේ හමුවේ. ඒවා ප්රාථමික නිධි සහ ද්විතියික නිධි ලෙස හඳුන්වයි. ද්විතියික නිධි ගොඩනැගෙන්නේ ඛාදනයේ සහ පරිවහනයේ ප්රතිඵලයක් ලෙසයි. එනිසා බොහෝ විට හමුවන්නේ ගංගා, ඇලදොළවල ගමන් මග ඇසුරු කරගෙනය, කොටින්ම ද්විතියික නිධි තැන්පත් වීම සඳහා ජලයේ සහය අවශ්යමය. ප්රාථමික නිධි ගොඩ නැගෙන්නේ ජිර්ණයේ ප්රතිඵලයක් ලෙස නැවුම් පාෂාණවල වූ මැණික් සහ පාෂාණ කොටස් පාංශු දේහයට එක් විම නිසයි. පාෂාණ යනු ඛනිජ සමුච්චයක එකතුවකි. පාෂාණය නිර්මාණය වන විටම ඛනිජ සමුච්චය ද බිහි වී හමාරය. ආගනේයකරණය ද විපරිතකරණයද අවසාදිතකරණය ද පාෂාණ ද ඛනිජ ද බිහිකරන ප්රධන භූ ක්රියාකාරකම් වෙයි. එයට අමතරව ජීර්ණය මැටි වැනි ද්විතියික ඛණිජ බිහිකරයි.නමුත් එමගින් මැණික් ඛණිජ බිහිවන්නේ නැත. ඒ සඳහා හේතුවන්නේ ඉහත කී භූ ක්රියාකාරකම් ත්‍රිත්වයයි. එනිසා පාෂාණයක් බිහි වී පෘතුවි මතුපිටට ආ පසු නැවත එම පාෂාණයේ අලුත් මැණික් ඛනිජ බිහිවීමක් සිදුවන්නේ නැත.
වතාවක් මා කි පරිදි විපරිතකරණය ඉතා අපුරු සංකීර්ණ භූ ක්රියාකාරකමකි. ඝන
අවස්ථාවේදීම අදාළ උෂ්ණත්වයට සහ පිඩනයට අනුරූපව ඛනිජ බිහිවන අතර මෙහිදී රසායනික සංයුතියේ වෙනස්වීමක් සිදුවන්නේ නැත. එකම රසායනික සංයුතියකින් හෙබි සංයෝග පද්ධතියක් ලැබෙන තාපය හා පීඩනය පදනම් කරගෙන එය ගැලපෙන ඛනිජ සමුච්චයක් බිහිවීමයි එහිදී සිදුවන්නේ. නිල් , රතු සහ ගෙවුඩ වැනි ඛණිජ බිහිවන්නේ කුරුවින්ද (කොරන්ඩම්) කුලයෙනි. මෙහි රසායනික සංයුතිය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩය පමණකි. එනිසා සංයෝග පද්ධතියේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ඉස්මතු වීම තුල පමණකි මෙවැනි ඛනිජ බිහිවන්නේ. එනිසා සංයෝග පද්ධතියේ වැඩිපුර ඇලුමිනියම් තිබීම ඉතා වැදගත්ය. බොහොමයක් ඇලුමිනියම් ඔක්සයිඩ පවතින අනෙකුත් රසායනිකයන් වන සිලිකා වැනි සංයෝග සමග මිශ්රවී වෙනත් සිලිකේට ඛනිජ බිහිකරන අතර සියලු සිලිකා සංයෝග පද්ධතියෙන් ප්රතික්රියා කර අවසන් වී ඉතිරිවන ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටිකිකර්ණය වීමෙන් කුරුවින්ද මැණික් කුලයේ ඛනිජ බිහිවෙයි. පාෂාණ පරිසරයේ ඉතා අධිකව හමුවන සිලිකා හමුවේ මෙම ක්රියාදාමය කන කැස්බෑවා හඳ දකින්නා හා සේම ඉතා දුර්ලභ ක්රියාවලියකි. මෙම මැණික්වල දුර්ලභ භාවයට හේතුවත් එයම වෙයි.
ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටික වලට පාට ලබෙන්නේද කදිම ආකාරයටයි. සංයෝග පද්ධතියේ ඉතිරිවන අපද්රවය අතර ක්රෝමියම් ලෝහය තිබුනේ නම් එය හේතුවන්නේ රතු කැට බිහිකරන්නට වන අතර රුටයිල් සහ යකඩ ඔක්සයිඩ ඇතිවිට කදිම නිල් මැණික් බිහිකරයි. එහිදී මෙම එකිනෙක ප්රතික්රියා කරන්නට අවැසිය . එසේ නොවන්නේ නම් බිහිවන්නේ ගෙවුඩ වැනි මැණික් වර්ගයි. එනිසා ඉතා පහසුවෙන් ගෙවුඩ රත් කර මෙම සංයෝග මිශ්රකර නිල් මණික බවට පත්කළ හැක.
ඇහැලියගොඩ ඇත්තේ මෙලෙස නිර්මාණය වූ මැණික් ගෙඩි ඉල්ලම් වන අතර ගෙඩියක එකම වර්ගය මැණික් හමුවන්නට හේතුව ඔබට දැන් අවබෝධකරගත හැකි යයි සිතමි. මාලාව යනු ජීර්ණය වන පෂණයයි. මීටර තිහක් හතළිහක් ගැඹුරේ ජීර්ණය වෙමින් පවතින පාෂාණයේ හමුවන මෙම ගෙඩි ඉල්ලම් කැනීම් එක්තරා ආකාරයක මැණික් පතල් තාක්ෂණයක් වන අතර ඒ සඳහා පළපුරුදුකරුවෝ සිටිති. හැමෝටම මේ කාරිය කල නොහැක. එනිසා වැඩ දන්නා මනුස්සයට මෙම ක්ෂේත්රයේ හොඳ තැනක් ඇත. පතල ගැසීම නිසි පරිදි කල යුතුය මන්දයත් මෙහි අරමුණු වන්නේ ඉතා ගැඹුරට යාමයි. එනිසා ඉදි කරන ව්‍යූහය ඉතා ශක්තිමත් විය යුතුය, පතල ගසන්නා ගේ දක්ෂතාවය මත අනෙකුත් වැඩකරුන්වන්න්ගේ ජිවිත රැඳී තිබේ.
මෙවැනි ගොඩ පතල් හමුවන්නේ ඇහැලියගොඩ පමණක් නොවේ. දෙවසරක පමණ කාලයක් මාහටද මැණික් පර්යේෂණ ක්ෂේත්‍රයේ භූ විද්‍යඥයෙකු ලෙස සේවය කරන්නට හැකි වූ අතර එනිසා විවිධ ප්‍රදේශවල තිබු මෙවැනි ප්‍රාථමික නිධි අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. කොස්ලන්ද ප්‍රදේශයේත්, හල්දුම්මුල්ල ප්‍රදේශයේත්, වැල්ලවාය ප්‍රදේශයේත් විවිධ ස්ථාන වල මෙවැනි ප්‍රාථමික නිධි හමුවන අතර කොලොන්න ප්‍රදේශයේ හමුවූ එවැනි නිධියක තිබුනේ තනිකරම රෝස පැහැති කුරුවින්ද පලිඟු කැටයි. මැණික් නොවන කුරුවින්ද මෙවනි ස්ථානවලින් බොහොමයක් හමුවන අතර ඒවායේ වටිනාකමක් නොමැතිය. කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේත්, ගලපිටමඩ ප්‍රදේශයේත් ස්ථාන දෙකක මෙවැනි මැණික් නොවන කුරුවින්ද නිධි දෙකක් හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ නැවුම් පාෂානයේත් ජීර්ණය වූ පාෂානයේත් මෙම කුරුවින්ද පලිඟු කැට දක්නට ලැබීමයි. එයට අමතරව රත්නපුරය අවට ප්‍රදේශවල ද බලන්ගොඩ තන්ජන්තැන්න වැනි ප්‍රදේශවලත් මෙවැනි ප්‍රාථමික මැණික් නිධි හමුවන බව වාර්තා වේ.
මැණික් පතල් හා ආශ්‍රිත සංස්කෘතිය ගැන අවදානයක් දක්වන්නන් සහ අධ්‍යනය කරන්නන් ගෙඩි පතල් කර්මාන්තය ගැන විමසිය යුතුමය මන්දයත් ඒ හා සබැඳි ඉතා අගනා සංස්කෘතික කරුණු රාශියක් ගොනු කර ගත හැක. පතලකට බැස ඔබ එම අත්දැකීම ලබා ගත යුතුමය. ඉතා සුන්දර මැණිකක් ඔබ වෙත ගෙන එන්නට වෙහෙස වන පතල් කරුවන්ගේ කාරිය ඔවුන්ගේ උත්සාහය අගය කරන්නට නම් ඔබ ඔවුන් වෙත යායුතුමය
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
භූ සංචාරිතය 16
The article is originally published on Vidusara, 01.07.2020.
අපේ රටේ මිණිපුරය රත්නපුරයයි. රත්නපුර බේසමේ තැන්පත් වූ ආදී කාලික මිනිකැට පොළොවේ ගැඹුරට විද විද ලබා ගන්නෝ මැණික් පතල් කරුවෝය. මිනිකැට බරය. තදය. වර්ණවත්ය , නැතහොත් අනෙකුත් බොරළු පෙබලු වලින් සපුරා වෙනස්ය. ඇස හුරුවූවන්ට මිනිකැටයක් හඳුනාගැනීම කජු කනවා වගේය . මෙතරම් අපූරුවට දිස්නේ දෙන ගල්කැට බිහිවන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්රශ්නයකි. මේ පිළිබඳව අප භූ සන්චාරිතයෙන් අද අප කතා කරමු. අපගේ ගමනාන්තය මිනිපුරයට ආසන්න ඇහැලියගොඩටයි.
ඇහැලියගොඩ ප්රසිද්ධ වන්නේ සුවිශේෂී මැණික් පතල් වර්ගයකටයි. ලංකාවේ අනෙකුත් ස්ථානවල ද නැතුව නොවෙයි. නමුත් ඉතා ගැඹුරේ අපට හමුවන මෙම පතල් හඳුන්වන්නේ "ගෙඩි පතල් " ලෙසයි. "ඕන්න පුතේ ගෙඩියක් හෙම මතු වුනොතින් පරම්පරා ගණනාවකට මදැයි" පළිගු සීයා කිවේ බුලත් කහට බැඳුනු තම දත් වහල්ල විලිස්සමින්. පලිඟු සීයා මැණික් පතල් කර්මාන්තය ගැන බොහෝ අත්දැකීම් ඇති දැනට විශ්රාම සුවයෙන් කාලය ගත කරන ගැමියෙකි. ඔහුගේ දවසේ කාරිය දවස් තිස්සෙම බුලත් විට සරි කග ගැනීමයි. ගැනත් ඔහුගේ ක්රියා ගැනත් අත්දැකීම් ගැනත් බොහෝ කතා රාශියක් ඇතිමුත් ඒවා ගැන වෙන වෙලාවක අපි කතා කරමු. එකිනෙකට වෙනස් ත්රාසජනක සහ විනෝදාත්මක කරුණු රාශියක් ඔහු අපට ඉදිරිපත් කලේ වරුවක්ම අපව සිනා සයුරේ ගිල්වමිනි.
පලිඟු සීයාට අනුව හොඳ ගෙඩියක් වැදීම පරම්පරා ගානක් ගොඩයන්නට හේතුවකි. ඒ තරමටම මිලක් ගත හැකි කදිම ජාති ගල් ගෙඩියෙන් හමුවෙයි. "පුතේ ඔය ගෙඩියක තනිකරම තියෙන්නේ එක්කෝ නිල් කැට පලිඟු, නැතිනං රතුකැට පලිඟු ඒත් නැතිනං ගෙවුඩ පලිඟු". පලිඟු කියලා කියන්නේ ඉතා අපුරුවට වැඩුන ස්ඵටික හමුවන නිසා. ගෙඩියක් යනු භූ අභ්යන්තරයේ හමුවන මැණික් නිධියකි, මෙවැනි නිධි මතුපිටට ආසන්නයේ පවා හමුවිය හැක. නමුත් මෙහි විශේෂත්වය මෙම මැණික් ගෙඩි හමුවන්නේ මාලවේ එනම් ජීර්ණය වන පාෂාණයේ වීමයි.
මැණික් නිධි වර්ග දෙකක් ප්රධාන වශයෙන් ලංකාවේ හමුවේ. ඒවා ප්රාථමික නිධි සහ ද්විතියික නිධි ලෙස හඳුන්වයි. ද්විතියික නිධි ගොඩනැගෙන්නේ ඛාදනයේ සහ පරිවහනයේ ප්රතිඵලයක් ලෙසයි. එනිසා බොහෝ විට හමුවන්නේ ගංගා, ඇලදොළවල ගමන් මග ඇසුරු කරගෙනය, කොටින්ම ද්විතියික නිධි තැන්පත් වීම සඳහා ජලයේ සහය අවශ්යමය. ප්රාථමික නිධි ගොඩ නැගෙන්නේ ජිර්ණයේ ප්රතිඵලයක් ලෙස නැවුම් පාෂාණවල වූ මැණික් සහ පාෂාණ කොටස් පාංශු දේහයට එක් විම නිසයි. පාෂාණ යනු ඛනිජ සමුච්චයක එකතුවකි. පාෂාණය නිර්මාණය වන විටම ඛනිජ සමුච්චය ද බිහි වී හමාරය. ආගනේයකරණය ද විපරිතකරණයද අවසාදිතකරණය ද පාෂාණ ද ඛනිජ ද බිහිකරන ප්රධන භූ ක්රියාකාරකම් වෙයි. එයට අමතරව ජීර්ණය මැටි වැනි ද්විතියික ඛණිජ බිහිකරයි.නමුත් එමගින් මැණික් ඛණිජ බිහිවන්නේ නැත. ඒ සඳහා හේතුවන්නේ ඉහත කී භූ ක්රියාකාරකම් ත්‍රිත්වයයි. එනිසා පාෂාණයක් බිහි වී පෘතුවි මතුපිටට ආ පසු නැවත එම පාෂාණයේ අලුත් මැණික් ඛනිජ බිහිවීමක් සිදුවන්නේ නැත.
වතාවක් මා කි පරිදි විපරිතකරණය ඉතා අපුරු සංකීර්ණ භූ ක්රියාකාරකමකි. ඝන
අවස්ථාවේදීම අදාළ උෂ්ණත්වයට සහ පිඩනයට අනුරූපව ඛනිජ බිහිවන අතර මෙහිදී රසායනික සංයුතියේ වෙනස්වීමක් සිදුවන්නේ නැත. එකම රසායනික සංයුතියකින් හෙබි සංයෝග පද්ධතියක් ලැබෙන තාපය හා පීඩනය පදනම් කරගෙන එය ගැලපෙන ඛනිජ සමුච්චයක් බිහිවීමයි එහිදී සිදුවන්නේ. නිල් , රතු සහ ගෙවුඩ වැනි ඛණිජ බිහිවන්නේ කුරුවින්ද (කොරන්ඩම්) කුලයෙනි. මෙහි රසායනික සංයුතිය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩය පමණකි. එනිසා සංයෝග පද්ධතියේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ඉස්මතු වීම තුල පමණකි මෙවැනි ඛනිජ බිහිවන්නේ. එනිසා සංයෝග පද්ධතියේ වැඩිපුර ඇලුමිනියම් තිබීම ඉතා වැදගත්ය. බොහොමයක් ඇලුමිනියම් ඔක්සයිඩ පවතින අනෙකුත් රසායනිකයන් වන සිලිකා වැනි සංයෝග සමග මිශ්රවී වෙනත් සිලිකේට ඛනිජ බිහිකරන අතර සියලු සිලිකා සංයෝග පද්ධතියෙන් ප්රතික්රියා කර අවසන් වී ඉතිරිවන ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටිකිකර්ණය වීමෙන් කුරුවින්ද මැණික් කුලයේ ඛනිජ බිහිවෙයි. පාෂාණ පරිසරයේ ඉතා අධිකව හමුවන සිලිකා හමුවේ මෙම ක්රියාදාමය කන කැස්බෑවා හඳ දකින්නා හා සේම ඉතා දුර්ලභ ක්රියාවලියකි. මෙම මැණික්වල දුර්ලභ භාවයට හේතුවත් එයම වෙයි.
ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටික වලට පාට ලබෙන්නේද කදිම ආකාරයටයි. සංයෝග පද්ධතියේ ඉතිරිවන අපද්රවය අතර ක්රෝමියම් ලෝහය තිබුනේ නම් එය හේතුවන්නේ රතු කැට බිහිකරන්නට වන අතර රුටයිල් සහ යකඩ ඔක්සයිඩ ඇතිවිට කදිම නිල් මැණික් බිහිකරයි. එහිදී මෙම එකිනෙක ප්රතික්රියා කරන්නට අවැසිය . එසේ නොවන්නේ නම් බිහිවන්නේ ගෙවුඩ වැනි මැණික් වර්ගයි. එනිසා ඉතා පහසුවෙන් ගෙවුඩ රත් කර මෙම සංයෝග මිශ්රකර නිල් මණික බවට පත්කළ හැක.
ඇහැලියගොඩ ඇත්තේ මෙලෙස නිර්මාණය වූ මැණික් ගෙඩි ඉල්ලම් වන අතර ගෙඩියක එකම වර්ගය මැණික් හමුවන්නට හේතුව ඔබට දැන් අවබෝධකරගත හැකි යයි සිතමි. මාලාව යනු ජීර්ණය වන පෂණයයි. මීටර තිහක් හතළිහක් ගැඹුරේ ජීර්ණය වෙමින් පවතින පාෂාණයේ හමුවන මෙම ගෙඩි ඉල්ලම් කැනීම් එක්තරා ආකාරයක මැණික් පතල් තාක්ෂණයක් වන අතර ඒ සඳහා පළපුරුදුකරුවෝ සිටිති. හැමෝටම මේ කාරිය කල නොහැක. එනිසා වැඩ දන්නා මනුස්සයට මෙම ක්ෂේත්රයේ හොඳ තැනක් ඇත. පතල ගැසීම නිසි පරිදි කල යුතුය මන්දයත් මෙහි අරමුණු වන්නේ ඉතා ගැඹුරට යාමයි. එනිසා ඉදි කරන ව්‍යූහය ඉතා ශක්තිමත් විය යුතුය, පතල ගසන්නා ගේ දක්ෂතාවය මත අනෙකුත් වැඩකරුන්වන්න්ගේ ජිවිත රැඳී තිබේ.
මෙවැනි ගොඩ පතල් හමුවන්නේ ඇහැලියගොඩ පමණක් නොවේ. දෙවසරක පමණ කාලයක් මාහටද මැණික් පර්යේෂණ ක්ෂේත්‍රයේ භූ විද්‍යඥයෙකු ලෙස සේවය කරන්නට හැකි වූ අතර එනිසා විවිධ ප්‍රදේශවල තිබු මෙවැනි ප්‍රාථමික නිධි අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. කොස්ලන්ද ප්‍රදේශයේත්, හල්දුම්මුල්ල ප්‍රදේශයේත්, වැල්ලවාය ප්‍රදේශයේත් විවිධ ස්ථාන වල මෙවැනි ප්‍රාථමික නිධි හමුවන අතර කොලොන්න ප්‍රදේශයේ හමුවූ එවැනි නිධියක තිබුනේ තනිකරම රෝස පැහැති කුරුවින්ද පලිඟු කැටයි. මැණික් නොවන කුරුවින්ද මෙවනි ස්ථානවලින් බොහොමයක් හමුවන අතර ඒවායේ වටිනාකමක් නොමැතිය. කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේත්, ගලපිටමඩ ප්‍රදේශයේත් ස්ථාන දෙකක මෙවැනි මැණික් නොවන කුරුවින්ද නිධි දෙකක් හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ නැවුම් පාෂානයේත් ජීර්ණය වූ පාෂානයේත් මෙම කුරුවින්ද පලිඟු කැට දක්නට ලැබීමයි. එයට අමතරව රත්නපුරය අවට ප්‍රදේශවල ද බලන්ගොඩ තන්ජන්තැන්න වැනි ප්‍රදේශවලත් මෙවැනි ප්‍රාථමික මැණික් නිධි හමුවන බව වාර්තා වේ.
මැණික් පතල් හා ආශ්‍රිත සංස්කෘතිය ගැන අවදානයක් දක්වන්නන් සහ අධ්‍යනය කරන්නන් ගෙඩි පතල් කර්මාන්තය ගැන විමසිය යුතුමය මන්දයත් ඒ හා සබැඳි ඉතා අගනා සංස්කෘතික කරුණු රාශියක් ගොනු කර ගත හැක. පතලකට බැස ඔබ එම අත්දැකීම ලබා ගත යුතුමය. ඉතා සුන්දර මැණිකක් ඔබ වෙත ගෙන එන්නට වෙහෙස වන පතල් කරුවන්ගේ කාරිය ඔවුන්ගේ උත්සාහය අගය කරන්නට නම් ඔබ ඔවුන් වෙත යායුතුමය
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday, 25 June 2020
භූ සංචාරිතය 15
This article is originally published on Vidusara 24.06.2020.
“වර්තමානය අතීතයට යතුර” බව පවසන්නේ නවීන භූ විද්‍යාවේ පියා
වූ ජේම්ස් හට්න් (James Hutton) නම් වූ ස්කොටිස් ජාතික භූ විද්‍යාඥයායි. භූ විද්‍යාවේ
මූලික සිද්ධාන්තයක් වූ මේ කියමන බොහෝ තැන්වලදී අප භාවිත කරන මුත් එය සෑම තැනකදීම නිවැරදිදැයි
කීයෙන් කී දෙනෙකු අධ්‍යනය කර ඇත්දැයි නොදනී. ඔහු මේ පවසන්නේ වර්තමානයේ සිදුවන බොහෝ සොබාවික ක්‍රියාදාමයන්
ඒ ආකාරයෙන්ම අතීතයේදී ද සිදු වූ බවයි. ඇත්තටම එය කොතරම් දුරට නිවැරදි ද? වර්තමානයේ
සිදුවන එකම ආකාරයේ භූ සංසිද්ධීන් සමුහයක් අතීතයේදී ද සිදුවුනා යයි පැවසීම මටනං තරමක්
ප්‍රශ්නාර්ථමය කියමනක් බව පෙනී යයි. අතීතයේ දී සිදු වූ දේ පිළිබඳව අප අද අධ්‍යනය කරන්නේ
වර්තමානයේ සිදුවන සිදුවීම් පාදක කරගෙන නම් වත්මනෙහි සිදු නොවන නමුත් අතීතයේ සිදු වූ
භූ සංසිද්ධියක් ගැන අධ්‍යනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කර ගත යුතුය. මේ අප කතා කරන්නේ
භූ සංසිද්ධීන් ගැන නම් ඒවායේ වේගය සහ සොබාවය ගැන නම් එය ඉතා ප්‍රශ්නකාරී බව අමුතුවෙන්
විස්තර කල යුතු නැහැ. විවිධ භූ විෂයන් හා භූ ක්‍රියකාරකම් ගැන කතා කරන විට මෙහි බරපතල
තත්වයක් නොමැතිව මතුපිටින් පමණක් ගැලපෙන කියමනක් බවයි මටනං හැඟී යන්නේ.
කොහොම වුනත් මේ ගැන ඔබට සිතන්නට ඉතිරි කර අපගේ භූ සංචාරිතය
වෙත යමු. කලින් දිනක මා කී පරිදිම වෙරළබඩ පරිසරය භූ විද්‍යාඥයින්හට පර්යේෂණ සඳහා කදිම
තෝතැන්නක් බව අමතක නොකළ යුතුය. එනිසා වෙරළබඩ පරිසරය අපගේ භූ සංචාරිතයේ අත්‍යවශය සංධිස්ථානයක්
බව නොකියාම බැරිය. එනිසාම වරින් වර වෙරළට පැමිණ යන්නට මා හට අමතක නොවන බව මෙහි ලා සඳහන්
කල යුතුය. මුහුදු මට්ටම උච්චාවචනය වීම වෙරළබඩ භූ සංසිද්දීන් පෙළ ගස්වන්නට සමත් ජගතායි.
මේ ක්‍රියාදාමය නිසා කලෙක ගොඩ නගන වෙරළබඩ භූ සම්පත් නැවත වරෙක සියල්ල අතු ගා දමන්නට
ක්‍රියා කරයි. මුහුද මට්ටම වෙනස්වීම යාමනය කරන්නේ පෘථිවියේ උෂ්නත්වයයි. කොටින්ම කිවහොත්
හිරුගෙන් ලැබෙන තාපයයි. කුමන හෝ හේතුවන් නිසා මෙහි වෙනසක් සිදුවන විට ඉතා පැහැදිළිවම මුහුදු
මට්ටමෙහි උච්චාවචනයන් සිදු වේ. ලෝක උෂ්ණත්වය වැඩි වන විට ග්ලැසියර දිය වී සාගර වලට
එක් කරන්නේ කලින් ගත් ණයක් ගෙවීමට මෙනි. ඒ ණය අරගෙන ඇත්තේ ශිත යුගයේදී හිම ගබඩාවක්
පවත්වාගෙන යාම සඳහා වන අතර උෂ්ණත්වය වැඩිවන විට එම ණය ගෙවීමට සැමවිටම සිදුවනු ඇත.
ලෝකයේ අවසාන ශිත යුගයේ උපරිමය සටහන් වන්නේ මෙයින් වසර 22000කට
පමණ පෙර බව විද්‍යාඥයින් පවසයි. ඒ තත්වය වසර 10000 පමණ වන විට සමතයකට පත් වූ බවත් එනිසා
අද පවතින තත්වයට මුහුදු ජල මට්ටම වැඩි වූ බවත් විද්‍යඥයින් සොයාගෙන ඇත. වසර 10000
කින් පසු ආරම්භ වන්නේ හොලොසින කාලය පරිච්චේදය වන අතර එය නුතන මිනිසාගේ කාලය ලෙසද හඳුන්වයි.
කොහොම වුනත් අයිස් යුගය නිම වුවායැයි විද්‍යාඥයින් පවසන්නේ මුත් අප හොඳින් දන්නා එක්
සත්‍යක් වෙයි. ඒ තවමත් ධ්‍රැවයේ අයිස් තට්ටු නැතහොත් ග්ලැසියර පවතින බවයි. එසේ නම්
අයිස් යුගය සත්‍ය ලෙසම අවසන් වී ඇතැයි පැවසීම ගැටළුවක් බව ඔබට පසක් වනු ඇත. සත්‍ය ලෙස
අයිස් යුගය නිමා වන්නේ නම් ලොව පවතින සෑම අයිස් තට්ටුවක්ම නැතහොත් ධ්‍රැවයේ සියලු අයිස්
දිය වූ පසුව බවයි මාගේ හැඟීම වන්නේ. කොහොම වුනත් මෙතනදී සඳහන් කල යුතු තවත් කරුණක්
වෙයි. ඒ වසර 5000 දී පමණ නැවත වරක් මුහුදු ජල මට්ටම වැඩි වී නැවත අඩු වී අද පවතින තත්වයට
පත් වී ඇති බවයි.
මෙහි දී තේරුම් යන ඒක දෙයක් නම් වර්තමාන තත්වය අයිස් යුගයේ
අවසාන අවස්තාව ලෙස පිළිගෙන ඇති බවයි. නමුත් එය කොතරම් සාධාරණ ද යන්න අප වටහා ගත යුතුය.
ජේම්ස් හටන්ගේ නියමය පිළිපැදීම නිසා මෙම තත්වය පොදු තත්වයක් ලෙස දකින්නේද යන්නත් අප
සාකච්චා කල යුතුය.
කිරින්ද සිට තංගල්ල දක්වා වූ මුහුද තීරය ඉතා වැදගත් භූ සංසිද්ධියක්
පාදක කරගත් ප්‍රදේශයක් බවත් භූ සංචරණයට ඉතා කදිම බවත් මෙහි ලා සඳහන් කල යුතුය.
මුහුද ජල මට්ටමෙහි උච්ච්වචනය නිසා එහි ඍජු බලපෑමට ලක් වූ මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට
පත්ව ඇත්තේ මෙහි පහත්බිම් වසා පවතින මුහුදු බෙල්ලන්ගේ කවච නිධි හේතුවෙනි. ඉතා පහත්
බිම් වල විශේෂයෙන්ම කුඹුරු ආශ්‍රිතවද මෙම බෙලි කවච නිධි දැක ගත හැකිය. විශේෂයෙන්ම මේ
ප්‍රදේශයේ කලපු ආශ්‍රිතව මෙහි ව්‍යාප්තියේ සම්බන්ධයක් ඇති බව පෙනී යයි. බොහොමයක් බෙලි
කවච නිධි හමුවන්නේ මුහුද වෙරළේ සිට කිලෝමීටර එකකට දෙකකට ඈතින් ගොඩබිම දෙසින් බව පෙනී
යයි. වැදගත්ම කරණය වන්නේ මෙවැනි මුහුදු බෙලි කවච ගොඩබිමෙන් හමුවන්නේ කෙසේද යන්න පැහැදිලි
කිරීමයි. මෙවැනි මුහුදු බෙලි කවච නිධියක් බුන්දල උස්බිම් ප්‍රදේශයේ ද හමුවන බව
මාගේ මතකයක් ඇත. මුහුද හා සම්බන්ධ මෙවැනි භූ රූපන සහ නිධි හමුවීමෙන් පවසන්නේ මෙහි ඇති
වීම කෙරෙහි ඍජුවම මුහුදේ බලපෑමක් ඇති බවයි. එනම් මුහුද මට්ටම නැතහොත් මුහුද මෙම ප්‍රදේශයේ
අතීතයේදී පැවති බවයි. මුහුදු මට්ටම වැඩි
කලෙක ගොඩබිම මුහුදෙන් යටවීම අනුමත කල හැක. පසු කාලීනව මුහුදු මට්ටම අඩුවන විට ක්‍රමයෙන්
ගොඩ බිම දෙසින් ජලය බැස යන අතර වෙරළට වඩා ගැඹුරු වූ නිම්න කලාප වල ජලය එක් රැස් වී
කලපු නිර්මාණය විය හැක. මෙම කලපු වල මුහුද බෙල්ලන්ගේ වර්ධනය සිදුවන අතර දෙපියන් බෙල්ලන්
වැනි කෑමට ගත හැකි බෙල්ලන් විශාල වශයෙන් වැඩෙන පරිසර බවට පත් වේ.
‘මිනිඇතිළිය’ යනු මෙම ප්‍රදේශයේ වූ අපුරු පහත් බිමක් වන අතර
දැනට කුඹුරු කර්මාන්තයේ යෙදෙන පරිසරයකි. වැළලී
ගිය ‘මැණික් හාමි’ හමුවන්නේ මෙම ප්‍රදේශයේ එක් කුඹුරකින් වන අතර එම ප්‍රදේශය
පුරාවටම භූ අභ්‍යන්තරයේ දැක ගත හැකි වන්නේ
මුහුදු බෙල්ලන්ගේ කවච වලින් පිරුණ භූමියක් බවයි. බොහෝ පුරා විද්‍යඥයින්ගේ මතය වුයේ
මෙය පුරාන මිනිසා විසින් කා ඉවත දමන ලද බෙලි කටු නිධියක් බවයි. නමුත් මෙම ස්ථානය අහඹු
ලෙස දැක බලා ගැනීමට භාග්‍ය ලද මාගේ නිගමනය වූයේ එය එසේ නොවන බවත් මෙය සොබාවිකව තැන්පත්
වූ බෙලි කවච නිධියක් බවත්ය. ලෝකයේ විවිධ ස්ථාන වල එසේ බෙලි කවච නිධි හමුවිය හැකි වුවත්
මාත් මාගේ මිතුරු මනොජ් ප්‍රසන්නත් සිදු කල පර්යේෂණයෙන් පැහැදිලි වුයේ මාගේ මතය නිවැරදි
බවයි. මිනිසාගේ බලපෑමෙන් එය සකස් වූයේ නම් මෙම නිධියේ වැඩිපුරම හමුවන්නේ වැඩුන බෙල්ලන්ගේ කවච වන අතර ඒ සඳහා හේතුවන්නේ සැමවිටම
ආහාරය සඳහා මිනිසා ලබා ගන්නේ වැඩුන බෙල්ලන් බැවිනි. නමුත් අපගේ අධ්‍යනයෙන් හෙළි වුයේ
විවිධ ප්‍රමාණවල බෙලි කටු හමුවන බවත් ඒවා බෙල්ලනගේ වර්ධනයේ එක් එක්අවධි නිරුපණය කරන
බවත්ය. ඉතා කුඩා ප්‍රමාණයේ ලපටි බෙල්ලන්ගේ කවච හමු වීමෙන් මාගේ මතය තහවුරු වන අතර තව
දුරටත් මුහුද මට්ටම අඩුවීම නිසා මෙම කලපු පරිසර එකවර සිඳී යාම මෙවැනි මුහුදු බෙලි කවච
නිධි ඇති වන්නට හේතු වූ බව මාගේ අදහසයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday, 18 June 2020
භූ සංචාරිතය 14
This article was published on Vidusara 17.06.2020.
ගංගාවන් රට මැදින් රැගෙන එන අවසාදිත බහාලන ඇසුරුම වන්නේ මහ
මුහුදයි. කිසිම චෝදනාවක් නොමැතිවම ගංගාවන් රැගෙන එන සියල්ල මහ මුහුද පිළිගනියි.
නොපිළිගන්නා සියල්ල නැවත වෙරළ වෙත හරවා නොඑවන්නට තරම් මහා මුහුද පසුබට වෙන්නෙත් නැහැ.
එමනිසා පාවෙන සියල්ල වෙරළේ නවාතැන් ගනියි.
ගංගාවක ශක්තිය පිළිබිඹු වන්නේ එය රැගෙන යන අවසාදිත වල ස්වරුපය
අනුවයි. මහා විශාල ශක්තියක් හෙබි ගංගාවෝ විශාල ප්‍රමාණයේ රළු ඛණිකා සහිත අවසාදිත ප්‍රවාහනය
කරති. ඒ මහා ශක්තිය ගෙන දෙන්නේ වර්ෂාවයි. මහා වැසි එකතු කරන වර්ෂාව ගංගාව පෝෂණය කරන
අතර වැසි සමය ගංගා වලට සිත් සේ ගලන්නට අවකාශය සහ ශක්තිය ගෙන දෙයි. දෙගොඩ තලා ගලනා ගංගාවන්ගේ
ශක්තිය හීන වූ කල ගඟබඩ දෙපස අත අරින්නේ එලෙස රැගෙන එන අවසාදිතයි. කෙලස වුවත් බොහොමයක්
අවසාදිත වල අවසාන නවාතැන්පල වන්නේ මහා මුහුදු පත්ලයි.
වෙරළේ ක්‍රියාකාරිත්වය ගොඩබිම පැවැත්ම උදෙසා විශාල
මෙහෙයක් කරයි. වෙරළේ අවසාදිත වර්ගය තීරණය කරන්නේ රැල්ලේ ශක්තියයි. ශක්තිය වැඩිනම් වෙරළේ
තැන්පත් වන්නේ රළු ඛනිකාමය අවසාදිතයි. සියුම් ඛණිකා සහිත අවසාදිත තැන්පත් වන්නේ රැල්ලේ
ශක්තිය හීන වූ විටයි. හීන ශක්තියකින් හෙබි වෙරල වල බහුලව හමුවන්නේ මැටි සහිත අවසාදිතයි,
ශ්‍රී ලංකාවේ වෙරළේ හමුවන්නේ වඩා විශාල නොවූත් වඩා කුඩා නොවූත් මධ්‍යම ප්‍රමාණයේ වැලි
ඛණිකා බව ඔබට මතකයට නැගේවි. අපේ රටේ වෙරල හරිම ලස්සනයි. ඒ අලංකාරය වැඩිකරන්නට ධවල පැහැති තිරුවානා වැල්ල
බෙහෙවින් උපකාරී වෙනවා කිව්වොත් නිවැරදියි.
මෝසම් සුළං නිසා වෙරළ ආසන්නයෙන් මුහුදේ හට ගන්නා දිගු දුර
දියවැල් වෙරළේ අවසාදිත ඉදිරියට තල්ලු කරන නිසා වැලි කැට එක් රොක් වෙවී ගොඩ ගැසෙන්නේ
බාධකයක් හමු වූ විටයි. වෙරළ සංචරණයට ඉතා අපුරු තැනක්. භූ විද්‍යත්මක සංසිද්ධීන් බහුල
වෙරළ නිසි පරිදි අධ්‍යනය කරන්නේ නම් භූ විද්‍යාඥයින් හට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන.
භූ සංචාරිතයෙන් ඔබට අද ගෙන එන්නේ වෙරළේ වූ එවැනි තවත් භූ
සංසිද්ධියක් නිසා හට ගන්නා භූ ව්‍යුහයක් ගැනයි. වෙරළ සැමවිටම පෙන්නුම් කරන්නේ ලෝකයේ
සාගරවල ජල මට්ටමයි. සමහර කාලෙක මෙම මට්ටම උච්චාවචනය වන්නේ ඉතා පැහැදිලි ලෙසයි.
මුහුදු මට්ටම වෙනස් වී වෙරළේ ගතික බව රඳවා
ගන්නේ මුහුදේ ජල ප්‍රමාණයේ වෙනස් වීමයි. මුහුද ජල ප්‍රමාණය වැඩි වන විට වෙරළ ගොඩබිම
දෙසට තල්ලු වන අතර මුහුද මට්ටම අඩු වී වෙරළ සාගරය දෙසට තල්ලු වන බව මතක නොකළ යුතුය.
මුහුදේ ජලය වැඩිවන්නේ ජල සංචිත වල ඝන ජලය දියවු විටයි. ජල සංචිත ඇත්තේ ධ්‍රැවය
දෙපස අතර ඒවා ඔබ කවුරුත් හොඳින් හඳුනන ධ්‍රැව
අයිස් වෙයි. ධ්‍රැව අයිස් දියකරන්නේ ලෝකයේ කාලගුණය අයහපත් වූ විටයි. ගෝලීය උණුසුම්
යම් කිසි හේතුවක් නිසා වැඩිවන විට ධ්‍රැව අයිස් දියවන අතර එනිසා මුහුදු මට්ටම වැඩි
වේ. ලෝකයේ උණුසුම අඩු වීම සාගර ජලය මුදවන්නට හේතු වන නිසා ධ්‍රැව අයිස් ගොනුව වර්ධනය
වන අතර එවිට සාගරයේ ජල මට්ටම පහත හෙලන්නට හේතුවෙයි.
ගොඩබිමෙන් ඉවතට වර්ධනය වන වෙරළ නිසා ගොඩබිම ප්‍රදේශය විශාල
වන අතර මධ්‍යයේ වූ ගංගාවන් මුහුද හා සම්බන්ධවීම
සඳහා වැඩි දුරක් ගමන් කිරීමට සිදුවෙයි. මෙනිසා ගංගාව තිරිහන් වන අතර තරුණ සහ මධ්‍ය
අවධියේ වූ නිම්නයන් තව තවත් ගැඹුරු වෙයි. වෘධ අවධියේ ගතකල ගංගා තීරයේ මින් පසු තැන්පත් වන්නේ මධ්‍ය අවධියේ
තැන්පත් වීමට නියමිත රළු ඛණිකාමය අවසාදිත යි. බොරළු වැනි අවසාදිත තැන්පතු ගොඩ ගැසෙන්නේ එබැවිනි. එලෙස ඇති වූ තැන්පතුවකි පතිරාජවෙල ප්‍රදේශයේ
හමුවන්නේ. ප්‍රතිරාජවෙලා ප්‍රදේශය ප්‍රසිද්ධ
වන්නේ වසර ලක්ෂයකට පමණ පැරණි ශිලා මෙවලම් හමුවන පුරා විද්‍යත්මක භූමියක් ලෙසයි.
ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය වන්නේ මැටි ඛණිජ සමග තිරුවානා
වැල්ල නිර්මාණය වීමයි. බොහෝ විට තිරුවාන බොරළු සහ පෙබලු ගංගාවේ ගලා යාම නිසා එකිනෙක
ඝට්ටනය වී කුඩා කැබලි බවට පත් වේ. තිරුවානා (ක්වාට්ස්) ඛනිජයේ නිශ්චිත පැලුම් රටාවක්
නොමැති නිසා ඇතිවන පැලුම් මගින් ලබා දෙන්නේ ඉතා තියුණු දාර යි. මෙම දාර වහා කැපෙන සුළුයි.
මේ අපූරු ලක්ෂණය හඳුනා ගන්න අපේ මුතුන් මිත්තෝ කැපුම් තලයක් ලෙස භාවිත කරන්නට පටන්
ගත් අතර පසු කාලීනව මානවයා විසින් මෙවැනි තියුණු කැපුම් දාර සහිත මෙවලම් තමා විසින්ම
නිර්මාණය කරගන්නට පෙළඹුන බව අපට පෙනී යයි. අහඹු ලෙස පිපිරුණ තිරුවානා අත්ගලෙන් මතු
වූ තියුණු දාර සහිත කැපුම් දාර තල පසු කාලීනව
විශාල පෙරලියක් කරන්නට හේතු වේ යැයි ඔවුන් කිසිසේත් නොසිතන්නට ඇත. පසු කාලීනව නිර්මාණය
කරන ලද වඩා දියුණු ශිලා මෙවලම් තිරුවානා ඛනිජයේ භාවිතයක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය
නැත. ශ්‍රී ලංකාවේ නම් තිරුවානා ඛනිජයට අමතරව සිලිකා මගින් නිර්මාණය වූ කහඳ (චර්ට්)
නම් වූ අස්ඵටික ද්‍රව්‍යද යොදා ගෙන ඇති බව පර්යේෂණ මගින් තහවුරු වෙයි.
සොබාවික ව නිර්මාණය වූ තිරුවානා කැපුම් දාර සහිත කුඩා කැබලි
මිනිසා විසින් නිර්මානය කරන ලද්දක් ද නොවේද යන්න දැනගන්නේ කෙසේද. ඒ සඳහා ඇති ක්‍රමවේදය
කුමක් ද. කුමන ලක්ෂණ මේ සඳහා යොදා ගන්නේ ද? ක්ෂුද්‍ර ශිලා මෙවලම් අධ්‍යනයේදී
මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව ඉතා පැහැදිලිව වටහා ගත හැකිය. මන්දයත් මිනිසා
විසින් එය නිර්මාණය කිරීමේදී ඇතිකරන ලද සියුම් දාරවල් සහ පැති පහසුවෙන් හඳුනා ගත හැකි
නිසයි. කෙසේ වෙතත් මාගේ මතය අනුව පැරණි මුතුන් මිත්තන් ප්‍රාථමිකව භාවිතා කරන්නට ඇත්තේ
තමා නිර්මාණය කරන ලද ශිලා මෙවලම් නොවන අතර ඒවා බොහෝවිට සොබාවිකව නිර්මාණය වූ තිරුවානා
කැබලි වන්නට ඇත. සොබාවිකව නිර්මාණය වූ සහ ප්‍රාතමිකව මිනිසා නිර්මාණය කරන ලද ශිලා මෙවලම්
හඳුනා ගත හැකි ද? මාගේ මතය වන්නේ එය කිසි සේත්ම කල නොහැකි බවයි. එලෙස හැකිවන්නේ එම
ශිලා මෙවලම් පැරණි මිනිසුන් වාසය කළා යැයි විශ්වාස කරනා ස්ථාන වලින් හම්වූ වූ විටෙක
පමණි. එසේ නොමැති නම් බාහිර රූපකාය අනුව සොබාවිකව නිර්මාණය වූ තියුණු දාර සහිත තිරුවානා
කැබලි සහ ප්‍රාථමික ශිලා මෙවලම් හඳුනා ගැනීම අතිශය දුෂ්කර බව අමතක නොකළ යුතුය. ඒ අනුව
පතිරාජවෙල බොරළු නිධියෙන් වසර ලක්ෂයකට ආසන්නයේ හමු වූ ශිලා මෙවලම් සත්‍ය ලෙසම මිනිසා
නිර්මාණය කරන ලද්දක් ද නැතහොත් සොබවිකව ගංගාවේ චලනය නිසා බිඳුම් ඇතිවී එමගින් නිර්මාණය වුවා ද යන්න පැහැදිලි
නොමැති බවයි මාගේ මතය වන්නේ. එනිසා එවැනි මතබේදාත්මක කරුණු පාදක කර යම් යම් නිගමන වලට
එළඹීම නොකළ යුත්තකි. නිශ්චිත ලෙස පතිරාජ වෙල බොරළු නිධියෙන් හමුවන්නේ සොබාවිකව නිර්මාණය
වූ තිරුවානා බොරළු කැබලි නම් වසර ලක්ෂයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ මිනිසුන් වාසය කළා යන්න
හුදු බොරුවක් පමණක් ම වන බව අප අමතක නොකළ යුතුය.
ආචාර්ය පත්මකුමාර
ජයසිංහ
Thursday, 11 June 2020
භූ සංචාරිතය 13
The article is originally published on Vidusara, 10.06.2020.
මාගේ මතය අනුව ලෝක විනාශය ආරම්භ වන්නේ මිට අවුරුදු මිලියන
2-2.6 කට පමණ කලින්. ඒ කාලේ තමයි මානවයාගේ ආරම්භය සටහන් වෙන්නේ. වානරයාගේ දෙපා සංචරණය
නිසා ලැබෙන අති විශාල වාසි කන්දරාවත් සමග මානවයා වානරයා පසු කර ගෙන යනවා. විශාලිත වූ
මොළය දෙපා සංචාරණයේ වාසිය ඉතා අපූරුවට කළමනාකරණය කර ගැනීම නිසා මිනිසා මේ වන විට පෘථිවි
ගෝලය තුල වසන සුපිරි සත්ත්වයා බවට පත් වෙලා. නමුත් ඒ අපුරු හැකියාවන් මිනිසා අද භාවිතා
කරන්නේ ලෝකය විනාශ කරන්නට බව සත්‍යයක්. තමන් ඇතුළු සියලුම ජීවින් මෙලොවින් අතු ගා දමන්නට
මේ වන විට මිනිසා සිදුකර ඇති අනුවන ක්‍රියාකරකම් හොඳටෝම ඇති.
චාතුර්ථ යුගයේ ආරම්භයත් සමගම ඇතිවන මානව ආරම්භය සහ සංස්කෘතිය
මිනිසාගේ පැහුණ බුද්ධියට අසුවන්නේ පුරා විද්‍යාව ලෙසයි. එහි වපසරිය නිර්මාණය වන්නේ
මානව ආරම්භයත් සමග බොහෝ දෙනෙකු දන්නා බවක් හැගෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඒ කාල සීමාව
වානර ආරම්භයට වුව රැගෙන යා හැක. ඒ අනුව යමෙකුට පුරාවිද්‍යා සන්දර්භය තුල එතෙක් වූ විකාශනය
ගැන කතා කරන්නට හැකියාව ඇත්තේ මුත්, පුරා සත්ත්ව විද්‍යාව ඔස්සේ ජුරාසික යුගයේ හෝ මයෝසින
යුගයේ සත්ත්ව විකාශනයන් ගැන කතා කිරීමට උත්සහ දැරීම කොතරම් විහිළුවක්දැයි ඔබට තේරුම්
යනු ඇත. මිනිසා සමග හිලෑ වූ සහ මිනිසාගේ පරිභෝජනයට නතු කර ගත් සතුන් ගැනයි ඒ තුල කතා
කල යුත්තේ.
ඒ කෙසේ වුවත් මේ සියලු දේ පුරා විද්‍යාඥයින්ට හමුවන්නේ අවසාදිත
තැන්පතු තුලිනි. අවසාදිත පිළිබඳව ඔබ නොදන්නේ නම් පුරා විද්‍යා කැනීම් පර්යේෂණ කිරීමෙන්
කිසිම් පලක් වන්නේ නැහැ. ඔබට හැකිවන්නේ ඒ තුල හමුවන දේ ගැන කතා කිරීම පමණකි. මේ පිළිබඳව
මා පුන පුනා පවසන්නේ භූ විද්‍යත්මක පර්යේෂණ වල සහය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරනා
බැවිනි. කාලීනව තැන්පත් වන අවසාදිත තට්ටු ගැන මාගේ මතය වන්නේ ඒවා ඉතා වැදගත් සංස්කෘතික
සහ පාරිසරික දත්ත සිරකර ගත් කාල කැප්සියුල ලෙසයි. රසායනික ලෙස මෙන්ම භෞතිකව ද
මෙලෙස තැන්පත් වූ සාක්ෂි වෙන් කර ගැනීම අප සතු දක්ෂතාවයයි. මෑත කාලින පුරා විද්‍යා
පර්යේෂණ තුල මෙලෙස විද්‍යත්මක ලෙස පාංශු අධ්‍යනයන් සිදු නොවූ බව සහතිකයි. භෞතිකව පෙනෙනා
පැහැය සහ වයනය (තරමක් දුරට අතින් අල්ලා බලා) පාංශු ස්තරායනය පිළිබඳව යම් නිගමනයකට එළෙඹෙනවා
පමණක් බව අමතක නොකළ යුතුය.
භූ සංචාරිතයෙන් අද ඔබ රැගෙන යන්නේ තවත් ගල් ගුහාවක් වෙතයි.
පාහියන්ගල පිහිටි පාහියන් ගුහාව ඉතා ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකි. පුරා විද්‍යා ස්ථානයක්
ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගුහාව අසල කරන ලද කැනීම් තුලින් හමු වූ මානව අස්ථි අවශේෂ
හේතුවෙනි. ශ්‍රී ලාංකේය පුරා විද්‍යාඥයින් පවසන අන්දමට මේ මානව අවශේෂ ආසන්න වශයෙන්
වසර 38000ක් පමණ පැරණි බවයි. එයින් පැවසෙන්නේ ඔවුන් ජීවත්ව ඇත්තේ ප්ලයිස්ටෝසීන
කාලයේ බවයි. වසර මිලියන 2ක් පමණ කාලයේ සිට වසර 10,000 දක්වා වූ කාලය වෙන් වන්නේ ප්ලයිස්ටෝසීන
කාලයටයි. ඉන් පසු එන්නේ හොලෝසීන කාලයයි.
මව් පාෂානයේම විකාශනය වූ මෙම ගුහාව ඉතා අපූරු ගල්
ගුහාවකි. ඉතා විශාල කටක් සහිත මෙය ඉතා හොඳින් ආලෝකය ලැබෙන කදිම වාසස්ථානයක් වන අතර
විශාල පිරිසකට නවාතැන්ගත හැකි ස්ථානයකි. මේ කරුනුත් සමග පෙනී යන්නේ පැහැදිලිවම මෙම
ගුහාව අපගේ පැරැන්නන්ගේ වාසභවනක් වන්නට ඇති බවයි. මතුපිට තැන්පත්ව ඇති අවසාදිත ඉතා
සියුම් අංශු වලින් යුක්ත අවසාදිත වන අතර සැකයක් නොමැති ලෙසම පෙනී යන්නේ සුලඟ මගින්
තැන්පත් වූ “ වාලුකා අවසාදිත” බවයි.
පාෂාණ ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය පාංශු ජනනයයි. අවසාදනය
වන්නේ මෙවන් වූ පාංශු දේහයන් වන අතර කිසිම අවස්ථාවක ස්ථානීය පාංශු ස්තර අතර මානව සාක්ෂි
හෝ පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ නැත. අවසාදිත තැන්පත් වන්නේ මෙම ස්ථානීය පාංශු දේහයන්ගේ
මතු පිටින් බව අමතක නොකළ යුතුය. පාෂාණ ජීර්ණය නිසා පාංශු ජනනය වන්නේ පාෂාණයේ ඉහල සිට
භූ අභ්‍යන්තරයට වන අතර එනිසා ස්ථානීය පාංශු ස්ථරයේ වැඩිම ඉහල සිට පහලට සිදුවේ.
අවසාදිතකරණය නිසා ගොඩනැගෙන පාංශු ස්තර වර්ධනය වන්නේ පහල සිට ඉහළටයි. පුරා විද්‍යඥයින්හට
වැදගත් වන්නේ එලස තැන්පත් වන අවසාදිත තැන්පතු මිස ස්ථානීය පාංශු ස්ථර නොවේ. ඔබ කැණිම්
කරන්නේ නම් මෙම වෙනස ඉතා පැහැදිළිව දැන ගත යුතුය. නැතහොත් ඔබගේ මුදල් පමණක් නොව කාලය
ද අපතේ යනවා නිසැකයි, කිසිම සාක්ෂියක් නොලබාම.
අවසාදිත වල වයනය එනම් පාංශු ඛණිකා වල හැඩය, විශාලත්වය සහ
අන්‍යෝන්‍ය සම්බන්ධය විස්තර කිරීමට හැකි නම් ප්‍රාග් කාලගුණික තත්වයන් ගැන පමණක් නොව
අවසාදනය වූ ආකාරය එනම් ස්ථානීය සැකැස්ම ගැනද
අපට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. සැමවිටම මානවයා සිදුකරන සෑම ක්‍රියාකාරකමක්ම
පවතින තත්කාලීන පාරිසරික සහ කාලගුණික තත්වය මත තීරණය වන අතර මෙලොව පවතින කිසිම සංස්කෘතියක්
එය පවතින පරිසරයෙන් හෝ පවතින කාලගුණික තත්වයෙන් වියුක්තව ගොඩනැගී නැති බව අප අමතක නොකළ
යුතුය. මානව ක්‍රියාකාරකම් අධ්‍යනය මගින් පැවති කාලගුණික තත්වයද කාලගුණික තත්වය ද අධ්‍යනය
මගින් මානව සංස්කෘතීන්ගේ විකසනය ද අපහට තේරුම් ගත හැකි බව මනාව වටහා ගත යුතුය.
පාංශු දේහයන්ගේ ස්තරාභවනය නිසි පරිදි වටහා නොගැනීම කරන කැණීම
අවසානයේ ඛේදවාචකයකට මුලපිරීමක් බව පුරා විද්‍යඥයින්
වටහා ගත යුතුය. එලෙස ඛේදවාචකයක් වූ කැණීමක් ලෙස පාහියන්ගල ගල් ගුහාව තුල සිදුකල කැණීම
හඳුගාගත හැක. කොතරම් ගැඹුරට කැනීම සිදුකර ඇතිද යත්, අවසාදිත තට්ටු පසු කර ස්ථානීය පාංශු
ස්ථර ද පසු කර වර්ධනය වන ජිර්ණිත පාෂාණය ද කැණීමට ලක් කර ඇත. මෙහිදී ඔබට වැද්ගත් වන්නේ
අවසාදිත තට්ටුව තෙක් කැනීම පමණකි. මේ වෙනස හඳුනාගැනීමට නොහැකි වීම කණගාටුදායක සංසිද්ධියක්
බව අමුතුවෙන් විස්තරකර කල යුතු නොවේ, පුරාවිද්‍යාත්මක කැණීම් උදෙසා භූ විද්‍යඥයින්ගේ
සහය ලබා ගැනීම පිළිබඳව කලපනා කිරීමට ඔබට සිදුවන්නේ මෙවැනි පසුබිමක් තුලය. නැතහොත් භූ විද්යාත්ම සංකල්ප පුරාවිද්‍යඥයින්හට විශ්ව
විද්‍යාලයේදී පළමු වසරේ සිටම ඉගැන්වීමයි කල යුත්තේ. එවිට ඔවුන් මේ විෂය කරුණු පිළිබඳව
හොඳින් දැනුවත් වේවි. ලෝකයේ පුරා විද්‍යාව වේගයෙන් ඉදිරියට යන්නේ විද්‍යත්මක භාවිතයත්
සමගයි. ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ආපස්සට යාමයි. කනගාටුවට කරුණ නම් ඔවුන් විද්‍යාව වෙතින්
පලා යමින් සිටියි.
ආචාර්ය පත්මකුමාර
ජයසිංහ
Wednesday, 3 June 2020
භූ සංචාරිතය 12
This article is originally published on Vidusara, 03.06.2020.
මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයට ගොහින් බැලුවහොත් අපට පැහැදිලි
වෙන කාරණය තමයි ගල්ගුහා ගැන මිනිසුන්ගේ තියෙන අධික උනන්දුව සහ සැබෑ අවධානය මොකක්ද කියන
එක. හැබැයි ඒ ඔය කියන අඳුරු ගල්ගුහා ගැන නම් නොවෙයි. ඔවුන්ගේ අවධානය යොමු වුනේ ආලෝකමත්
වූ ගල්ගුහා වලටයි. ඇත්තෙන්ම ගල්ගුහා අඳුරු නැහැ. බලන කෝණය සහ පුද්ගලයා අනුව තමයි ඒක
වෙනස් වෙන්නේ. මටනං ගල්ගුහා සියල්ල ආලෝකමත්. ඒ තුල බොහෝ දේ බලන්න තියෙනවා. සචේතනිකව
දකින්න තියෙනවා.
මේ ගමන මාගේ භූ සංචාරිතය විස්තර කරන්නේ මාගේ දෙවන ගල්ගුහා
අධ්‍යනය ගැන. 2010 වසරේදී පමණ මා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ගල්ගුහා වර්ගිකරණය
තුලින් මෙරට වූ විවිධ ආකාරයේ ගල්ගුහා ගැන අධ්‍යනයට ලක් කළා. ඒ අනුව අපට ගල් පියැසි
(rock shelters) හමුවෙන අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ
ගල් පියැසි බව අමතක නොකළ යුතුය. මාගේ පර්යේෂණ සගයන් සමහරක් මාගේ මතයන් ගැන එකඟ නොවනවා
වෙන්නට පුළුවන. මාගේ වර්ගීකරණය තුල හමුවන සත්‍ය ගල්ගුහා සැමවිටම පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ.
මතුපිට පිහිටන ගල්පියැසි වර්ග දෙකකි. බෝල්ඩර පියැසි සහ මවු පාෂාණමය පියැසි යනු ඒ දෙවර්ගයයි.
මින් වඩා බහුලව හමුවන්නේ බෝල්ඩර පියැසියි.
කැළණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මහාචාර්ය ගාමිණි
අධිකාරි මහතාගේ මූලිකත්වයෙන් වාරණ රජමහා විහාරයේ කරන ලද ගල්ගුහා කැනීමේ පාංශු නියැදි
භූ පුරාවිද්‍යාත්මකව අධ්‍යනය කරන්නැයි කරන ලද ඉල්ලීම මා බොහෝ කැමැත්තෙන් භාරගනු ලැබුවේ
මේ තුලින් ශ්‍රී ලාංකේය පුරා විද්‍යාවට ඉතා වටිනා කරුණු සම්භාරයක් එක් කල හැකි බැවිනි.
අද වගේම තමයි එදත් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින් අතලොස්සකට තමයි භූ විද්‍යාව තම පර්යේෂණ
වලට එක් කර ගත යුතුයි කියලා අදහසක් තිබුනේ. ඉන් එක්කෙනෙක් තමයි මහාචාර්ය ගාමිණි අධිකාරි
මහතා.
පුරා විද්‍යාවට භූ විද්‍යාව අතවශ්‍ය විෂයක් බව අප මතක නොකළ
යුතුයි. කනගාටුවට කරණය නම් මේ ඉතා වැදගත් විෂය අද ශ්‍රී ලාංකේය පුරා විද්‍යා විෂය ධාරාව
තුල ශිෂයින්ට උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නම් ඒ ප්‍රධාන විෂයක් ලෙස නොව තවත් අවශේෂ විෂයක්
ලෙස පමණි. රජරට විශ්ව විද්‍යාලය පමණක් අවසන් වසරේ සිසුන්හට එම අවස්තාව ලබා දීම ඉතා
හොඳ ප්‍රවණතාවක් බව සඳහන් කල යුතුය. මේ පිළිබඳව ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සහ විශ්ව
විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අධ්‍යන කල යුතුයි. එපමණක් නොව ඒ සඳහා වහා පියවර ගත
යුතුයි. භූ විද්‍යාත්මක සංකල්ප පුරාවිද්‍යාවේ සෑම අංශයකදීම උවමනා වන බව මෙහි ලා සඳහන්
කල යුතුයි. ඔබ කැණීමක් කල ද, ගවේෂණයක් කල ද සංරක්ෂණයක් කල ද ඒ සඳහා භූ විද්‍යත්මක සංකල්ප
යොදාගත හැකි අවස්ථා බොහොමයකි. එමගින් පුරාවිද්‍යාවේදී පැන නගින ගැටළු නිරාකරණය කරගැනීමට
අවශ්‍ය භූ විද්‍යත්මක දැනුම ලැබෙන බව අමතක නොකළ යුතුය.
කැනීම් සිදුකරන්නේ පොලොවෙහිය. නැතහොත් භූ පරිසරයෙහිය. පුරාවිද්‍යාඥයින්හට
වැදගත් වන්නේ මතුපිට ස්තරය වසාලන අවසාදිත තට්ටුවයි. එය යම් කිසි භූ ක්‍රියාකාරකමක්
හේතුවෙන් තැන්පත් වූවක් වන අතර ඒ අතර තැන්පත් වන්නේ මානවයාගේ ක්‍රියාකාරකම් වේ. එම
සාක්ෂි විවිධ ලෙස මෙම පාංශු දේහයන් තුල තැන්පත් වන අතර භූ පුරා විද්‍යාවේදී සිදුකරන්නේ
මෙම සාක්ෂි සියුම් භූ විද්‍යාත්මක සංකල්ප සහ ක්‍රමවේද මගින් විශ්ලේෂණය කර සත්‍ය කරුණු
මතු කර ගැනීමයි. මානව සංස්කෘතික ලක්ෂණ රැගත් මෙම අවසාදිත තැන්පතු “සංකෘතික අවසාදිත”
ලෙස හෝ “පුරාවිද්‍යාත්මක අවසාදිත” ලෙස හැදින්විය හැක.
සංස්කෘතික අවසාදිත ස්ථර බොහෝවිට කෙලවර වන්නේ ගැඹුරේ ඇති ස්ථානීය
පාංශු ස්ථර අසලිනි. ස්ථානීය පාංශු ස්ථර යටින් වූ පාෂාණයේ ජිර්ණයේ ප්‍රතිඵලයකි. ඉන්
ඔබ්බෙන් වූ ජිර්ණිත පාෂාණය කෙලවර වන්නේ නැවුම් මවු පාෂාණය ළඟින්. අවසාදිත
තැන්පතුවක් සැමවිටම කිසියම්ම හෝ පැරණි කාලගුණික විපරියාසයක සාක්ෂියක් සහිතය.
පුරාවිද්‍යාඥයින්හට වැදගත්වන්නේ මෙම අවසාදිත තැන්පතු පමණකි. ඉන් ඔබ්බට කැනීම් කිරීමෙන්
ප්‍රයෝජනයක් නොමැත. එනිසා ඔවුන්හට පස් සහ අවසාදිත පිලිබඳ වූ භූ විද්‍යත්මක දැනුම ඉතා
වැදගත් වේ. එසේ දැනුමක් නොමැති තැනැත්තන් කල නිෂ්ප්‍රයෝජන කැණීමකි, පාහියන්ගල ගල් ගුහාවේ
කර ඇති කැනීම. එය නිස්කාරණේ මුදල් අපතේ යැවීමකි. ඒ පිළිබඳව අප වෙනම දවසක සාකච්චා කරමු.
වාරණ කැනීම කරන ලද්දේ ගල් පියස්සක් යට තැන්පත් වූ අවසාදිත
තැන්පතුවකයි. ගුහා තැන්පතු සකස්වන්නේ ඉතා සුවිශේෂී ආකාරයකටයි. බොහොමයක් අවසාදිත තැන්පත්
වන්නේ සුළං මගින් වන අතර මේවා වාලුකා අවසාදිත තැන්පතු ලෙස හැඳින්විය හැක. ඉතා සියුම්
ඛණිකා රැගත් මෙම පාංශු තැන්පතු අධ්‍යනය ඉතා අපහසුය. තන්පතුවේ සොබාවය ගල්ගුහාව පවතින
පරිසරය සහ ගල්හාගුහාවේ ප්‍රමාණය මත ද එයට අමතරව බාහිර බලවේග මත ද වෙනස් විය හැක.
ඉතා විශාල නොවූ තරමක් කුඩා තුන්පැත්තකින්ම නිරාවරණය වූ මෙම ගල් පියැස්ස දෙතුන් දෙනෙකුට
පමණ සෙවණ දිය හැකි ස්ථානයකි. මෙම ගල්ගුහාවට ලැබෙන බාහිර බලපෑම් වැඩි අතර එනිසාම මෙහි
තැන්පත් වූ අවසාදිත ඉහත කී අකාරයේ තැන්පතු වලින් තරමක් වෙනස් බව පෙනී යයි.
බොහොමයක් අවසාදිත තරමක් මධයම් ප්‍රමාණයේ ඛණිකා රැගත් අවසාදිත වන අතර ඛණිකා වල කෝණාකාර
හැඩය පෙන්නුම් කරන්න මද දුරක් ගමන් කල හෝ එසේ නොමැති හෝ අවසාදිත ඛණිකා බවයි. ඉතා බහුල ලෙස මුණ ගැහෙන හිමටයිට්
ඛණිකා (තෙල් බොරළු) පැහැදිලි කරන්නේ වරින් වර පැවතී කාලගුණික තත්වයේ වෙනස් වීමයි.
තෙත් පරිසරයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම අවසාදිත හා බහුලව ප්‍රථමික මට්ටමේ ශිලා මෙවලම්
මෙන්ම එක් ස්තරයක කලවමේ ශිලා මෙවලම් සමග වලන් කැබලිති ද හමු වේ.
කලකදී මෙරට පුර විද්‍යාඥයින් මෙවැනි ස්ථර අර්ථකථනය කරනු ලැබුවේ
නොවැදගත් කෘත්‍රිමව (මානවයා විසින් පසු කලෙක) කලවම් වූ අවසාදිත ලෙසයි. නමුත් මෙම ස්තරය
ඉතා වැදගත් සංස්කෘතික පරිණාමයක අතරමැදි අවස්තාවක් ලෙස හඳුන්වයි. පස්චාත් මෙසොලිතික
යුගය ලෙස හඳුන්වන මෙම යුගය පිළිබිඹු කරන අවසාදිත තැන්පතු හුදෙක් නොවැදගත් යැයි ඉවත්කළ
අවස්ථා ගැන මෙරට පුරා විද්‍යා කැනීම් ඉතිහාසයේ හමුවන බව සමහර ඇත්තන් පවසනු මට ඇසී ඇත.
කෙසේ වෙතත් අපගේ අධ්‍යනයන් අනුව මෙම ස්ථානය මානවයා තාවකාලිකව
පරිහරණය කරන ලද ස්තානයක් බව ඔප්පු වූ අතර ඉතා අනර්ඝ ලෙස ස්ථර වෙන් කිරීම සහ අනෙකුත්
අර්ථකතනයන් සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම
වතාවට ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා පර්යේෂණ ඉතිහාසයේ භූ විද්‍යාත්මක සංකල්පයක් වන පාංශු
ඛණිකා විශ්ලේෂණය ද අංගාර අංශු විශ්ලේෂණය ද මේ සඳහා යොදාගත් බව සඳහන් කල යුතුය. මෙම
විශ්ලේෂණ ඇසුරු කරමින් 2009 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද
පර්යේෂණ සැසියේදී (Volume 2, pp 45-57) ම විසින් ආචාර්ය ශිරාන්
දැරණියගල මහතා ඇතුළු ජෙය්ෂ්ට පුරාවිද්‍යාඥන් සමුහයක් හමුවේ ඉදිරිපත් කලද බොහෝ දෙනෙකු
මේ තුල වූ විද්‍යත්මක පැහැදිලි කිරීම සහ සොයා ගැනීම අවබෝධ කර ගත්තේ නැත. එය ඉතා කණගාටුවට
කරුණක් වන අතර එවන් තත්වයක් හමුවේ මා තේරුම් ගත්තේ භූ පුරා විද්‍යාව කෙසේ වෙතත් මෙරට
පුරා විද්‍යාවේද ප්‍රගමණය අඳුරු බවයි. එය හුදෙක්ම සිතුවිල්ලක් නොවන බව සමහරු පුරා විද්‍යාත්මක
සන්දර්භය තුල භූ විද්‍යත්මක කරුණු කාරණා ගැන ලබා දෙන අර්ථකථන අනුව අද පැහැදිලි වෙන
බව මෙහි ලා පැවසිය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Thursday, 28 May 2020
භූ සංචාරිතය 11
This article is originally published on Vidusara, 28.05.2020.
එක වසංගතයක් ඉවර වීගෙන එන කොට ඔන්න තවත් ආපදාවක් මෙරටට ඔලුව
දාන්න පටන් අරං. නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දැනට
පවතින්නේ අවුෆන් කුණාටුව නිසා ඇති වූ තත්වයක්. ඒ නිසා තමයි අධික වර්ෂාව නිසා නාය යාමේ
තර්ජනය ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා රත්නපුර වගේම කෑගල්ලෙත් මිනිසුන් කිහිපදෙනෙක් මරණයට
පත් වුනා. නිරිත දිග මෝසම තමයි ශ්‍රී ලංකාවට නාය අනතුර ඇතිකරන්නට මුලිකම සහ ප්‍රධානම
වෙන කාලගුණික විපරියාසය වෙන්නේ. ඒ කියන්නේ මේ මගින් තමයි වැඩිපුරම බලපෑමක් එල්ල කරන්නේ.
මධ්‍යම කඳුකරයේ පිහිටි දිස්ත්‍රික්ක වන කෑගල්ල, රත්නපුර, කළුතර, මහනුවර, නුවරඑලිය,
බදුල්ල වගේ දිස්ත්‍රික්ක මෙනිසා තමයි ආපදාවට ලක් වෙන්නේ. නාය ආපදාව ප්‍රධානම වශයෙන්
කරළියට එන්නේ අසූව දශකයෙන් පස්සේ. ඒකට ඇත්ත වශයෙන්ම ප්‍රධානම හේතුව වන්නේ අවිධිමත්
වේගවත් කඳුකර සංවර්ධනය. තවමත් මේ තත්වය තේරුම් අරන්, මේ සම්බන්ධව වගකිව යුතු ආයතන අදාළ
ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මට හිතෙන්නේ ඔවුන්ට බාලගිරි දෝෂය හැදිලද කොහෙද.
නාය යාමක් කියන්නේ ඇත්තෙන්ම සොබාවික සංසිද්ධියක්. පාෂාණ ජිර්ණයේ
අතුරැ ප්‍රතිඵලයක් නිසා තමයි නාය යාම් සිදුවන්නේ. පාෂාණ ජීර්ණය මිනිසුන්ට නවත්තන්න
පුළුවන් භූ සංසිද්ධියක් නොවෙයි. පෘතුවිය මතුපිටට එන හෝ තියෙන ඕනෑම දෙයක් අත්‍යන්ත ලෙසම
ජීර්ණයට නතු වෙනවාමයි. හැබැයි මේ සොබාවික සංසිද්ධිය අද වෙනකොට ජනතාකරණයට ලක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අද වෙනකොට නාය ඇතිකරන ප්‍රධාන සාධකය වෙන්නේ
මිනිසුන් සහ ඔවුන්ගේ අත්තොනෝමතික ක්‍රියාදාමයන්. මිනිසුන් බලාපොරොත්තු වූ වේගවත් කඳුකර
සංවර්ධනයත් සමගම ඒ වේගයෙන්ම නාය අනතුරත් අත්වැල්
බැඳගෙනම අප ලඟට ඇවිත්.
භූ සංචාරිතයේ මාගේ පළමු නාය අත්දැකීම් ලබන්නේ මා පේරාදෙනිය
විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී යි. ඒ කාලයේ සක්‍රිය වූ කොස්ලන්ද නාය බලන්නට විශ්ව
විද්‍යාලයේ භූ විද්‍යාව හැදෑරු සියලු දෙනාම රැගෙන බසයක් පිටත් වූ බව මට මතකයි.
සැහෙන කාලයක් ගත කරමින් අදාළ ස්ථානයට පැමිණි අප සිත් සේ කොස්ලන්ද නාය අධ්‍යනය කොට ඉතා
සවස් වී නැවත ආපසු පිටත් වුවා ද මතකයි. දෙවනියට මේ අත්දැකීම ලබන්නේ මා තුන්වන වසරේ
අවසාන භාගයේ ඉගෙන ගන්නා සමයේ මාගේ කර්මාන්ත පුහුණුව සඳහා ලත් අවස්තාව හේතුවෙන්. මා
ඒ සඳහා සම්බන්ධ වෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පිළිබඳව අධ්‍යනය
කරමින් සිටි පිළිමතලාවේ පිහිටි ක්ෂේත්‍ර කාර්යාලයටයි. ඒ 1999 දීය. එකල ඔවුන් නාය ආපදා සිතියම් නිර්මාණය කරන්නට අවශ්‍ය
අධ්‍යනය කටයුතු කරමින් සිටියේ. ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානියා හිටපු අධ්‍යක්ෂක ආර්.එම්.එස්.
බණ්ඩාර මහතා. ඒත් සමග ජයතිස්ස මහතා (වර්තමාන අධ්‍යක්ෂක, නායයම් පර්යේෂණ සහ අවධානම්
කළමනාකරණ අංශය), සෝමරත්න මහතා, කිත්සිරි බණ්ඩාර මහතා මෙන්ම ධර්මසේන ඉංජිනේරු මහතාත්
එහි සේවය කළා. මේ ක්ෂේත්‍ර කාර්යාලය තමයි පසුකලෙක එම ආයතනය තුල නායයාම් පර්යේෂණ සහ
අවදානම් කළමනාකරණ අංශය ලෙස ස්ථාපනය වෙන්නෙත්. ඉහත සම්බන්ධ කණ්ඩායමේ අප්‍රතිහත ක්‍රියාකාරිත්වය
නිසා තමයි මේ වනවිට ශ්‍රී ලංකාව තුල නායයාම් පර්යේෂණ සඳහා යම්කිසි ආකාරයකට රාජ්‍ය මැදිහත් වීමක් සිදුවන්නට
හේතුවන්නෙත්. ඒ වාගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් පර්යේෂණ සඳහා මෙරට
වගකිවයුතු ආයතනය වන්නේත්, මෙවැනි ආයතනයක් මෙරටේ ඇති බව වැසි කාලයේ දී හෝ ජනතාවට මතක්
කර දෙන්නෙත් මෙනිසායි. ඒ වාගේම එදා මේ දියුණුවට
කකුලෙන් ඇදපු මිනිසුන්ගේ යාවජීව ජිවන මාර්ගය බවට මෙය අදවෙනවිට පත් වී ඇත්තෙත් මේ කණ්ඩායමේ
උසස් ක්‍රියාකාරිත්වය නිසා බව ද මෙහිලා සඳහන් කල යුතුය. බොහෝ දෙනෙකු මේ පිළිබඳව නොදන්නවා
වෙන්නට පුළුවන් වාගේම මේ ගැන දන්නා සමහර කුහක මිනිසුන් ඒ බව පවසන්නට ද මැලිවන බව මෙහි
ලා සඳහන් කිරීම වටී
ක්ෂේත්‍ර කාර්යාලය ඇත්තෙන්ම මා හට ඉතා අපූරු තැනක් වුවා පමණක්
නොව බොහොමයක් අත්දැකීම් ලබා ගන්නට ද තෝතැන්නක් විය. නාය ආපදා කලාප සිතියම් පිළිබඳව මූලික අඩිතාලම ලබා
ගන්නට මෙන්ම නාය යාම් සම්බන්ධව නවතම තොරතුරු සමග යාවත්කාලින වන්නට ද මා ලද මේ අවස්තාව
බොහෝ උපකාරී වුවා. අවස්ථා කිහිපයකදී මේ දැවැන්තයන් සමග ක්ෂේත්‍ර චාරිකා වල නිරත වන්නට
ද මා හට අවස්තාව හිමි විය. ඒ අතුරින් නැවත කොස්ලන්ද නාය අධ්‍යනය සඳහා සහභාගී වන්නට
ද මා හට හැකිවිය. ඒ කොස්ලන්ද නාය නිසා විනාශ වූ කොස්ලන්ද වැල්ලවාය පාරේ මෙම ස්ථානයේ
වූ පාලම නැවත ස්ථාපනය සඳහා අවශ්‍ය අධ්‍යන කටයුතු වලට. එක් දිනක් මෙම අධ්‍යනයන් සඳහා
මදි වූ හෙයින් කොස්ලන්දේ අපහට නවතින්නට සිදු වූ අතර එකල අද මෙන් නවතින්නට පහසුකම් සොයා
ගැනීමට පහසු වූයේ නැත. එනිසා අපහට නවතින්නට සිදු වුයේ නාය අසලම පාර අද්දර වූ හානියට
පත් නොවූ නිවසකි. මේ නිවාස අසලින්ම නාය ගොස් තිබුනද නිවසට හානියක් වී තිබුනේ නැත.
එමෙන්ම නැවත හානිය වේයැයි සිතිය හැකි තත්වයක තිබුනේද නැත. එනිසා සියලු දුෂ්කරතා මධ්‍යයේ
මෙහි නවතින්නට තීරණය කළෙමු. සීතලද යහමින් තිබු නිසා ලද කුඩා කාමරය ප්‍රමාණවත් විය.
බතුත්, කිරි අල වෑන්ජනයකුත් සමගින් රාත්‍රී ආහාරය සප්පායම් වී අප නින්දට ගියේ පසුදාද
සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් නිම කරන්නට තිබු බැවිනි.
මේ අත්දැකීම තරමක් හොඳ මට්ටමේ අත්දැකීමක් වුවත් මෙවැනි චාරිකා
වලදී සැමවිටම මෙවැනිවත් පහසුකම් නොලැබු බව මේ කණ්ඩායමේ සාමාජිකයන් සැමවිටම පවසන දෙයක්
විය. බොහෝ විට පන්සලක බණමඩුවක් ඔවුන්ගේ රාත්‍රී නවාතැන් පොළ විය. එවැනි තැන් සඳහා ඔවුනට
යොමුවන්නට සිදුවන්නේ නවාතැන් සඳහා මිල මුදල් වෙන් නොකර ඇති තත්ත්වයකයි. නමුත් ඒ දුෂ්කරතා
සියල්ල විඳ දරා ගනිමින් අද පවතින තත්වයට නාය පර්යේෂණ සහ අධ්‍යන පත්කරන්නට ඔවුනට හැකි
වීම ඉතා අගය කල යුත්තකි.
මෙය කදිම ආදර්ශයක් වන්නේ වායුසමනය කල වහනයක් මෙන්ම ඉතා හොඳ
තත්වයේ ආහාර සපයන හොඳම වර්ගයේ හෝටල නොමැති නං ක්ෂේත්‍ර චාරිකා ප්‍රතික්ෂේප කරන භූ විද්‍යාව
ගැන කිසිත් නොදන්නා එපමණක් නොව නාය ආපදාව පිළිබඳව ද තොලේ කටේ පමණක් ගාගත් දැනුම් ඇති
තනතුරට පමණක් වූ එහෙත් තමන් විද්‍යාඥයින් යැයි හඳුන්වා ගන්නා නව පරපුරේ කෝලම්කාරයන්ටයි.
මුලික සිද්ධාන්තවත් නිසි පරිදි නොදන්නා මොවුන් මෙවන් වූ කදිම අත්දැකීම් ඇත්තන්ටහට විටෙක
කරනා අභියෝග ඉතා විහිළුජනක බව ඔවුන්ට නොතේරීම පුදුමයක් නොවන බව මේ තත්වය හමුවේ පැහැදිළිය.
වර්තමානයේ නාය යාම් පර්යේෂණ සඳහා යොමුව ඇත්තන් තමන් අධ්‍යනය කල විෂය පථය පිළිබඳවවත්
නිසි අවබෝධයක් නොමැත්තන් බව ඉතා අපුරුවට පෙනී යන කරුණක්. බල්ලාගේ කාරිය බූරුවා නොකළ
යුතුය. එවන් තත්වයක් හමුවේ ඉදිරියේදී මෙරටේ නාය ආපදා පර්යේෂණ කොයි අතටකට යොමු වේදෝයි
මහත් සැකයක් මා හට මතු වෙයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Subscribe to:
Posts (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ This article is originally published on Divaina, 16.02.2020. වසර දස දහසක් පමණ පැරණි ...
-
වෙරළ භූ රූපණය 2 වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ ව...