Thursday, 6 August 2020

මාන්තායි සමුද්‍රාසන්න වෙළඳ නගරයේ පරිණාමය....!!!


භූ සංචාරිතය 21


This article is originally publishde on Vidusara 05.08.2020.


සමුද්‍රාසන්න භූ රූපණය (coastal geomorphology) නොමැතිව භූ විද්‍යාවේ රසය සෙවිය නොහැක. භූ විද්‍යාවේ ශ්රුන්ගාරය ගෙන එන්නේ සමුද්‍රාසන්න භූ රුපණයයි. එනිසා භූ සංචාරිතයේ දී මේ ගැන කතා නොකරම බැරිය. බලන්න බලන්න ආසා හිතෙන දේවල් වාගේම දෙවරක් හරි හැරි බලන්නත් හිතෙන දේවල් ඇත්තේ වෙරළාසන්නයේ බව නොකියාම බැරිය. ඒ තරමටම සමුද්‍රාසන්න භූ රූපණය විචිත්‍රය, අලංකාරය, සිත් ඇදගන්නා සුළුය.

සමුද්‍රාසන්න පරිසරය නිතරම වෙනස්වන සුළුය, අලුත් වෙන සුළුය. ලෝක සාගර ජල මට්ටම ද, වරින් වර ලෝකයේ ඇතිවන සුළං ධාරා ද,  අඩු වැඩි වශයෙන් ලැබෙන හිරුගේ රශ්මිය ද සමුද්‍රාසන්න භූ රූපණය යාවත්කාලීන කරන්නට මහඟු මෙහෙයක් කරන බව අප වටහා ගත යුතුය. පුලින තලාවේ භෞතික රසය කලත්තන්ට වෙහෙසෙන්නේ සාගර තරංගයි. එහි රසයේ ප්‍රභලතාවය අනුව පුලිනතලාවේ ඛණිජ අංශු වල රසය වෙනස් කරන්නට සමත් වෙයි. එනිසා වැලි අංශුමය, මැටි අංශුමය මෙන්ම විශාල පෙබලු අංශුමය පුලින තලාවන් බිහිකරන්නට සමත්වෙයි. එමෙන්ම එහි ස්ථානීය පැවැත්ම තීරණය කරන්නේ සාගර ජල මට්ටමේ උච්චාවචනයයි.

වසර විසිදහසකට පමණ පෙර ශ්‍රී ලංකාව අවට  මුහුද සහ සමුද්‍රාසන්න පරිසරය පැවතියේ අද පවතින මට්ටමට වඩා මීටර සියයක් පමණ පහතින් බව මා මිතුරු මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පර්යේෂණ පත්‍රිකාවකින් පවසා සිටියි. ඔහුගේ මෙම නිගමනයන් වලට ඔහු එළඹෙන්නේ සමුද්‍රාසන්න පරිසරයේ සිදුකරන ලද අධ්‍යනයකට අනුවය. එමගින් පෙනී යන කාරණය වන්නේ වසර 20, 000 ට පමණ පෙර ශ්‍රී ලංකාව ඉන්දියානු මහාද්වීපය සමග ගොඩබිමෙන් සම්බන්ධ වී තිබු බවයි. මෙය වසර මිලියන 250 කට පමණ පෙර පවතී තත්වයට හාත්පසින්ම වෙනස් දෙයකි, එකල්හි අප සම්බන්ධ වූයේ භූ තැටි සමගින් බව අමතක නොකළ යුතුය. ඒ කාලයේ ඇති වූ අපසාරී තල මායිමක් නිසාවට කාවරී ද්‍රෝණිය හරහා අපත් ඉන්දියාවත් වෙන් වූ අතර පසු කාලීනව ඇති වූ දේශගුණික සහ කාලගුණික විපරියාසයන් ගේ ප්‍රතිඵලයක් වූ සාගර ජල මට්ටමේ උච්චාවචනය නැවත මේ ගොඩබිම් එක් කරන්නට හේතු විය. ඇති වූ කාවරී ද්‍රෝණිය හිඳී යාම තුල මෙලස නිරාවරණය වූ ගොඩබිම් තීරුවකින් අපත් ඉන්දියාව ත් එකිනෙක නැවත සම්බන්ධ කරන්නට ඇත.

මේ තත්වය වඩා ප්‍රබලව සහ ප්‍රමුඛව දැක ගත හැකිවන්නට ඇත්තේ මන්නාරම් ද්‍රෝණිය හරහා බව අමතක නොකළ යුතුය. ඒ හරහා හිඳුනු සාගරයේ උස් බිම් යාකරමින් දෙගොඩබිම් යාකරන්නට හැකි පටු බිම් තීරුවක් ඇතිවන්නට ඇත. එය ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් ඇති පොහොසත් ජාන කිටුව නැවත සම්මිශ්‍රණය කරන්නට මහඟු කාරියක් කර ඇති බව ස්ථිරයි. නමුත් තවමත් ශ්‍රී ලංකවේ මේ සම්බන්ධයෙන් එනම් ජෛවභූසංචරණය (biogeography) ගැන ප්‍රමාණවත් තරම් අධ්‍යනයන් සිදු වී නොමැති බව පෙනී යන කරුණකි. ඒ කෙසේවෙතත් බොහෝ දෙනෙකු ගේ අවධානය මන්නාරම වෙත යොමු වී ඇතිබව රහසක් නොවේ.  

ලෝකය උණුසුම් වෙමින් තාවකාලික ව ගබඩා කරගත් ජලය මුදාහරින්නට ග්ලැසියර පටන් ගත්විට සාගර ජල මට්ටම ඉහල යන්නට විය. එය ලෝකයේ ගොඩබිම් යටකරමින් නවතම පුලින තලා සපිරි තිමිරයක් බිහිකරන්නට උත්සුක විය. නමුත් මෙය නොනවත්වාම සිදු වෙමින් අද පවතින මට්ටමට සාගර ජල මට්ටම ගෙන එන්නට සමත්වන්නේ අදින් වසර අටදහසක් පමණ ගත වූ තැනය. එතෙක් කල් ඉන්දියාව සහ අප හා සම්බන්ධවන්නේ ගොඩබිමෙනි. මෙය ඉන්දියානු ශිෂ්ටාචාරය සමග අපගේ සම්බන්ධය තීව්ර කරන්නට හේතුවන්නට ඇත. නොයෙකුත් සම්බන්ධකම් ගොඩනැගෙන්නේ එනිසා ගොඩබිමෙනි. එනිසා ඉතා පැහැදිලිවම මන්නාරම වාරයක් වන්නට පෙර (පසු කාලීනව එසේ වූවානම් මිස) එය ගොඩබිම් වෙළඳ මධ්‍යස්ථානයක් බව අප අමතක නොකළ යුතුය.

මහාතිත්තය ගැන කතා කරනා බොහෝ දෙනෙකු ලැබුන පුරවිද්‍ය්ත්මක සාක්ෂි අර්ථකථනය කර ඇත්තේ වැරදියට බව මා හට පෙනී යනු කරුණකි. මන්දයත් මාන්තායි වාරයක් වන්නට නම් හොඳින් නැව් මෙහෙයවියහැකි සාගර පරිසරයක් එහි තිබිය යුතුය. ඉන්දියාවත් ලංකාවත් අතර ඇති කාවරී ද්‍රෝණිය එලෙස මහා නැව් හැසිරවිය හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ නැත. එම සාගර පරිසරය නොගැඹුරු මුහුද කලාපයකි. එමෙන්ම ඉහලින් අප කතා කල ගොඩබිම් මාර්ගයක් තැතී තිබුන කලෙක වරායක් නිර්මාණය විය හැකිද යන්න තාර්කිකව අප කල්පනා කල යුතුය.

පසු කාලිනව ඇති වූ සාගර උච්චාවචනයන් ගැන කතා කරනා මහාචාර්ය කටුපොත මහතා පවසන්නේ වසර 10000ක ට පමණ පෙර සිදු වූ අවසාන උපරිම ග්ලැසියරකරණයට පසු  (last glacial maximum)  දෙවතාවක් ( වසර 6000-5000 ත් අතර සහ වසර 3000- 2000 ත් අතර) පමණ මුහුදු මට්ටම අද පවතින මට්ටමට වැඩ ඉහල ගොස් ඇති බවය. ඒ සඳහා සමුද්‍රාසන්න පරිසරයෙන් ඉතා පැහැදිලි සාක්ෂයන් සොයා ගත හැකිය. මෙරට ගොඩබිම තුල හමුවන බෙලිකටු නිධි සහ කොරල් නිධි ඒ සඳහා කදිම නිදසුන් බව අමතක නොකළ යුතුය.

මහාතිත්තයේ ගොඩබිම හරහා නිර්මාණය වූ වෙළඳ මධ්‍යස්ථානය කාලීනව සිදු වූ කාලගුණික විපරියසයන්ට අවනතව යාවත්කාලින වන්නට ඇති අතර ගඩොලුමය මාර්ගයක් මන්නාරම සහ   තමිල් නාඩුවේ ගිනිකොණ වෙරළ හා සම්බන්ධ වූ බව සමහර පර්යේෂණ පෙන්වා දී තිබේ. ක්‍රමිකව වැඩි වූ මුහුද මට්ටම හා සටන් වදින්නට ක්‍රමයෙන් යටවූ බිම් තීරු උස්කර භාවිතයට ගන්නට උස බිම් යා කර පාලම් තනන්නට් ඇති අතර බොහෝ කාලයක් යන තුරු ඉන්දියාවත් ඉන් ඔබ්බෙන් වූ රටරටවල වෙළඳාම සම්බන්ධ වන්නට ඇත්තේ මේ මාර්ගය ඔස්සේ බව භූ විද්‍යාවෙන් උකහා ගන්න මෙවැනි කරුණු විශ්ලේෂණය කරන්නට තාර්කිකව පෙනී යනු කරුණකි. එනිසා මාන්තායි ගොඩබිම් මාර්ගය ඔස්සේ සම්බන්ධවන වෙළඳ නගරයක් බව අපහට තේරුම් යන කරුණකි. මේ කරුණ හේතුවෙන් මෙරට අන්තර් ජාතික වරාය වන්නේ ගෝකන්න ම  බව සුපැහැදිලි සත්‍යයක් බව මෙහි ලා සඳහන් කල යුතුය. එය මෙරට අගනගරය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙනී යන කරුණකි.

මුහුද මට්ටම වැඩි වූ කල්හි එය ක්‍රමයෙන් මුහුදු මාර්ගයක් බවට පත් කර ගන්නට ඇති බව අපට නිගමනය කල හැකි. එනිසා නොගැඹුරු ජලයේ යාත්‍රා කල හැකි ක්‍රමවේද බිහිවන්නට ඇති අතර දෙරට අතර වෙළඳ සම්බන්ධය සහ සංස්කෘතමය සම්බන්ධය ප්‍රබලව පවත්වා ගන්නට හැකියාව ලැබෙන්නට ඇත. මෙවැනි පරිසරයක් තුල වසර 2500 කට පෙර බුදුන් ජිවමානවම සිටි කාලයේ දී මෙරටට බුදු දහම නොලැබී යන්නට හේතුවක් නොමැත. මිහිඳු හිමියන් වදින්නට පෙර මෙරට බෞද්ධයන් සිටි යැයි අයෙකුට තර්ක කල හැක්කේ එහෙයෙනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 30 July 2020

සුන්දරත්වය අසුන්දර කරන මානව ක්‍රියා …!!!


භූ සංචාරිතය 20


This article has been published On Vidusara, 29.07.2020.


භූ සංචාරිතය 20


කඳුකරයේ ලස්සන බලන්න නම් ඔබ යා යුත්තේ නුවරඑලියට නොව වලපනයටයි. වලපනය එතරම්ම අපුරු සුන්දර ප්‍රදේශයක්. එක් පැත්තකින් අහස සිඹින වලාකුළු අතගාන විසල් කඳු ශිකර. අනෙක් අතින් දුටුවිට බිය දැනෙන ගැඹුරු අගාධාමය  පටු නිම්නයන්. ඒ නිම්න වල භයානකකම පලවා හරින්නේ සුන්දර දසුන් මවනා හෙල්මළු වී වගාවයි. ගොයමේ ලා නිල්ල කන්ද කපා එන සුළං පහරින් සැලෙන්නේ අමුතුම රටවකටයි. කෙමෙන් පැසි රන්වන් වන වී කරල් ගැඹුරු නිම්නයට ගෙන එන අලංකාරය කියා නිම කල නොහැකියි. ඔබ වරක් හෝ මේ ප්‍රදේශයට ගොස් ඇත්නම් නැවත වරක් යන්නට සිතෙනවා නොඅනුමානයි.


වලපනයේ සුන්දරත්වය අකාමකා දමන්නේ තැනින් තැන පවතින අස්ථාවර වූ පාංශු දේහයන් වන අතර පසුගිය කාලයේ සිදු වූ ක්ෂණික නාය ආපදා නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වූ බව සැබවි. විශේෂයෙන්ම මාගේ අවධානය වැඩිපුරම මේ ප්‍රදේශයට යොමුවන්නේ මෙම නාය ආපදා නිසාමය. ජයිකා ආධාර මත ප්‍රතිස්තායිකරණයට ලක් වූ  උඩමාදුර   නාය ගිය භුමියේ වැඩකටයුතු සම්බන්ධීකරණය වූයේ මාගේ අනුදැනුම යටතේ යි. එනිසා බොහෝ වාර ගානනාවක මෙම ප්‍රදේශයේ සංචාරය කරන්නට මාහට හැකි විය. පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඒ සඳහා වය වූ අතර පළමු අවුරුද්ද නාය භුමිය ප්‍රතිස්ථායිකරණයට වය වූ අතර දෙවන වසර වෙන් කෙරුණේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අධීක්ෂණය සඳහායි. උඩමාදුර නාය භුමිය මේ වනවිට සාර්ථකව ප්‍රතිස්ථායිකරණයට ලක් වූ නායක් බව මෙහි ලා සතුටින් සඳහන් කල යුතුය. මෙම ව්‍යාපෘතිය නිසා මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව නොවෙනස්ව පවත්වාගෙන යාමට බොහෝ රුකල් දුන් බව අමතක නොකළ යුතුය. එනිසා නාය භුමියේ වෙසෙනා ජනතාව එම භූමියෙන් ඉවත්කරන්නට අවැසි වූයේ නැත.


සුන්දරත්වය ගෙන එන වලපනය නගරය පිහිටන්නේ කඳුවලින් වට වූ වලක බව ඔබ මෙම ප්‍රදේශය දැකබලා ඇත්තේ නම් ඔබට වැටහේවි. වලපනේ නාමය බිහිවන්නේ ද එමනිසා විය හැකිය. මේ සුන්දර ප්‍රදේශය තව තවත් අස්ථාවර පාංශු දේහයන් සහිත භුමි වලින් යුක්ත වෙයි. මුන්වත්ත, මහවැව වැනි ස්ථාන එලෙස අස්ථාවර වූ  පාංශු දේහයන් සහිත භූමින් වෙයි. තවත් එවැනිම ලොකු කුඩා ස්ථාන ගනනාවක් වලපනේ ප්‍රදේශය පවතින අතර ශ්‍රී ලංකා රජය ලද යම් ආධාර මත මහවැලි නිම්නයේ වූ මෙම වලපනේ ප්‍රදේශය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ක්‍රියත්මක කරන්නට මාගේ අධීක්ෂණය යට‍තේ හැකියාව ලැබුණි. එනිසා තෝරාගත් ප්‍රදේශ පහක අස්ථාවර පාංශු දේහයන්ගේ හැසිරීම අධ්‍යනය කරන්නට හැකි උපකරණ එම භූමිවල සවිකර තත්කාලීන  තොරතුරුකොළොඹ සිට අධ්‍යනය කරන්නත් යම් කිසි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන සයිරන් නලා සවිකර ජනතාවට සුරක්ෂිත බවක් එක්  කරන්නට ද එම ව්‍යාපෘතිය තුලින් හැකියාව ලැබුණි. තත්කාලීන වර්ෂාපතනය අධ්‍යනය කර නාය අනතුරු පුරෝකථනය කරන්නට ද මේ නිසා හැකියාව ලැබෙන්නේ එම ප්‍රදේශයේ ස්ථාන දහයක ස්වයංක්‍රිය වර්ෂාමාන සවිකිරිමෙනි. එම දහය අපගේ ප්‍රධාන පද්ධතියට එක්  කර එහි කාර්යක්ෂම බව වැඩිකරන්නට හැකියාව ලැබුණි.


වලපනේ සුන්දරත්වය මා මුලින්ම අත්විදින්නේ විශ්ව විද්‍යාලයේ තවන වසරේ පමණ ඉගෙනුම ලබමින් සිටිනා විටයි. ඒ විශ්ව විද්‍යාලයේ ගවිෂණ සංගමය සංවිධානය කරන ලද සංචාරයකට පින්සිදුවන්නටය. සති අන්තයේ සිදුකරනාගවේෂණ සඳහා මා බොහෝ විට මෙම සංගමය හා එක වූ වෙමි. මෙදින සංචාරය වලපනේ ප්‍රදේශයේ එතරම් ප්‍රසිද්ධ නොමැති දියඇල්ලක් නැරඹීම උදෙසායි. ඒ වෙන කිසිවක් නොව "කුරුඳු ඔය දිය ඇල්ලයි". මා සිතනා ලෙස මෙරටේ බොහෝ දෙනා උසම දිය ඇල්ල කුමක්දැයි දන්නා මුත් දෙවනියට උසම් දිය ඇල්ල කුමක්දැයි නොදන්නා බවයි. දෙවනියට උසම දිය ඇල්ල  වන්නේ මා ඉහත සඳහන් කල කුරුඳු ඔය දිය ඇල්ලයි. උස මීටර 189 ක් පමණ වන මෙම අපුරු දියඇල්ල නරඹන්නට යන්නේ නම් වලපනයට ගොස් ලියන්වල හරහා ද හයිපොරෙස්ට් හරහා ද ඇල්ලට ලඟා විය හැක. දෙවනියට කි මාර්ගය පළමු මාර්ගයට වඩා දුර අඩුය විනාඩි හතලිස් පහක් පමණ කාලයක් ගතවන බවයි පෙනී යන්නේ.


දිය ඇලි තවත් භූ විද්‍යාත්මක පරිසරයේ නිර්මාණයක් වන අතර භූ විෂමතාවය ඉතා හොඳින් ග්‍රහණය කර නිමැයුන සොබාවික නිර්මාණයක් බව අමතක නොකළ යුතුය. හිටිවනම ඇතිවන භුමියේ කඩා හැලීම පාෂාණ පද්ධතියේ ජානමය උරුමයක් වන පැලුම් සහ කුස්තුර වල ප්‍රතිඵලයක් බව ඉතා හොඳින් ඒ දෙය අධ්‍යනය කරනා භූ විද්‍යාඥයෙකුට පැහැදිළිවන කාරණයකි.  දිය අල්ලේ උස තීරණය වන්නේ ද ඔය කියනා භූ විද්‍යත්මක පසුබිම නිසාවටමය. එපමණක් නොව එය දිය ඇල්ලට එක කරන්න අලංකාරයක් බව මතක නොකළ යුතුය. ඇල්ලේ  ඇති ජල ප්‍රමාණය ද මෙම අලංකාරය දෙගුණ තෙගුණ කරන්නට හේතුවෙයි. කුරුදු ඔය දිය ඇල්ල නිර්මාණය වන්නේ මහා කුදුගල ප්‍රදේශයෙන් පටන් ගන්නා කුරුඳු ඔය දිය පහරෙනි. මෙම දිය පහර ගලා එන්නේ එම ප්‍රදේශයේ වූ තේ වතු හරහා අබව අප අමතක නොකළ යුතුය.


මහපාරේ සිට ආසන්න  වශයෙන් කිලෝමීටර එකක් පමණ ඉහලට නැග ඒ සුන්දරත්වය විඳින්නට ඔබට හැකිය. ප්‍රදේශය සීතල නිසා ගුවනේ පාවෙන වලාකුළු අතගෑමේ වාසිය ද මෙවංඉඅ සංචාර වලදී ලබනා අමතර වාසි වේ.  ඔබ හරහා ගලා යන සීතල ජල වාෂ්ප තම වත සිප ගන්නා විට ඇතිවන සුන්දරත්වය සහ සිත මුකුලිත වන බව ඔබ විඳිය යුතුමය. එය වචනයෙන් විස්තර කල නොහැකි අපුරු අත්දැකීමක් බව නම් මා හට කිව හැකිය.  


දිය අල්ලේ සුන්දරත්වය එලස වුවද අපගේ නොසැලිකිලිමත් බව  නිසා පශ්චාත් ගවේෂණ අත්දැකීම් නම් එතරම් සුන්දර නොවූ බව එයට එක වූ හැමටම මතක ඇති. ගෙන ගිය ජලය ඉවර වූ නිසා පිපාසය සංසිදුවා ගත්තේ අල්ලේ සීතල ජලයෙනි. ජලයේ පිරිසිදු බව අභියෝගයට ලක් වුයේ අප විශ්ව විද්‍යාලයට ආ පසුවයි. බොහෝ දෙනකුට ඇති වූ බඩේ අමාරුව නිසාවිශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය එදින රාත්‍රිය කාර්යබහුල ස්ථානයක් විය. මෙය ඉතා කදිම පාඩමක්  වන්නේ නොදන්නා ප්‍රදේශවලදී මෙවැනි ජලය පමණක් නොව එක්  එක් කෑම වර්ගවලද සුදු නුසුදුසු බව නොදැන භාවිතයට ගැනීමේදීය. කුරුඳු ඔය අල්ලේ ඉහල පෝෂක ප්‍රදේශයේ වූ ලයන් කාමර වල ජිවත්වන ජනය බැහැර ලන අපද්‍රව්‍ය සියල්ලේ එක්වන්නේ මෙම ජාල පහරට වන අතර තේ වගාවට යොදනා පොහොර සහ රසායනික ද්‍රව්‍ය එක්වන්නේ ද මෙම ජල පහරටයි.  මේ සියල්ල එක වූ ජලය බී  අප අසනීප වූ බව සැබෑවයි. එනිසා ඔබ සංචාරය කරන්නේ කොහි වුවද විශේෂයෙන්ම ප්‍රමාණවත් ජල පරිමාවක් මෙවන් ගමන් වලදී රැගෙන යාම ඔබගේ සෞඛ්‍ය රැකගැනීමට ඉවහල වන බව මතක නොකළ යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ



Saturday, 25 July 2020


ගෝකන්න (ත්‍රිකුණාමලය) පැරණි ශ්‍රී ලංකවේ අගනගරය යි ?

භූ සංචාරිතය 19

This article is originally published in Vidusara 22.07.2020.


පසුගිය සතියේ  සංචරිතයෙන් අපගේ කතාබහට  වූයේ නැගෙනහිර පළාතේ තිබු  වෙළඳ නගරයක් ගැනයි. ලෝහ තාක්ෂණයෙන් ආඩය්‍යය වූ අපූරු දියුණු නවෝත්පාදන  දායාද කල මෙවන් වූ පුරයක් ශ්‍රී ලංකාවේ වීද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී  නැති බව පෙනී යන කරුණකි. එමෙන්ම කරුණු  හරිහැටි අධ්‍යනය නොකර  මෙම ක්ෂේත්‍රයේ විද්වතුන් කරනා අර්ථකතන නිවැරදි නොවන බව ද බොහෝ සාමාන්‍ය ජනතාවටද  පැහැදිලි වන බව  යුතුය.  රටේ ජනතාව බලාපොරොත්තුවන්නේ වඩාත්  තාර්කික අර්ථකතන මිස  ඔහේ කරනා අමුතු පැහැදිලි කිරීම් නොවේ.    මෙරට ඉතිහාසය සහ පුරාවිද්‍යාව සැලකීමේදී අධ්‍යනය කරන්නට කොතෙකුත් දේ ඇතත් බොහෝ විද්වතුන් වත්මනේ පවතින රැල්ලට  අසු වී ගසා ගෙන යන බව පෙනී යයි.


ගෝකන්න කදිම අන්තර්ජාතික වරායක් වන්නට හේතුවන්නේ එහි අපුරු භූ විද්‍යත්මක පිහිටීම බව බොහෝ දෙනෙකු නොදන්නා බව සැබවි. ඉතා ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නේ ත්‍රිකුණාමලය බොක්ක හරහා වැටි ඇති ඊසාන නිරිත දිශානුගතව විහිදී ඇති භූ පැල්මක් හේතුවෙන් බව පෙනී යන්නේ බොහොමයක් පාෂාණ වල පැලුම් රටා අධ්‍යනය කරනා විටයි. ශ්‍රී ලංකවේ ප්‍රධාන වශයෙන් ඉහත කි පැලුම් රටාවත් සමග පවතින පැලුම් රටා දෙක භුමියේ බොහෝ දුර්වල කලාප නිර්මණය කර ඇති බව  පැහැදිලි වන්නේ  ගුවන් චායරුප අධයනයේ දීය.  අනිත් භූ පැල්ම පිහිටන්නේ  ගිනිකොණ  දිශානුගතාවයි. මහවැලි ගඟ ගලා බසින්නේ ඉහත කි භූ පැල්ම ඔස්සේ වන අතර එහි දිගුව මුහුදුට කිඳා බසින විට ඇතිවන්නේ මුහුදේ ගැඹුරු අගාධයකි. මෙතරම් ගැඹුරු අගාධයක් නිර්මාණය වන්නට  ඒ ඔස්සේ ගලා ගිය මහවැලි ගංගාවත්  හේතුවන්නට ඇති බව පැහැදිළිය. කෙස් වුවත් සාගර ජලයේ කාලිං උච්ච්වචනයත් යම් කිසි ප්‍රමාණයකට මෙම අගාධය තව තවත් ගැඹුරු කරන්නට බලපාන්නට ඇති බව භූ විද්‍යත්මකව වටහා ගත හැකිය. 


ගෝකන්නෙහි පිහිටි ගැඹුරු අගාධය  අතීත ජනයා අන්තර් ජාතික වරායක් බවට පත් කිරීම තුල මෙරටේ ආර්ථිකයේ වැඩි දියුණු වීම සඳහා කොපමණ ප්‍රමාණයකට දායක වන්නට ඇතිදැයි තවමත් මෙරට ප්‍රමාණික අධ්‍යනයන් සිදු වී නොමැතිය.  නොකල්හි ම එම අවශ්‍යතාව  සපුරන්නේ නම් එය වත්මන් ආර්ථික දියුණුවට දායක කර ගන්නේ කෙසේදැයි ඉතා හොඳ අර්ථකතනයක්  ලබා ගත හැකි බව මගේ අදහසයි.  කොළඹ වරාය අද වැදගත් වන්නේ මෙරට ප්‍රධාන නගරය  කොළඹ බැවිනි. අගනගරයට වරාය වඩා ලං වීම තුල වඩාත් කාර්යක්ෂම වෙළඳාමක් සමග කාර්යක්ෂම ප්‍රවාහනයක් මගින්  රට තුළටත්  බැහැරටත් භාණ්ඩ අලෙවිය කල හැක.  ත්‍රිකුණාමලයෙහි  වරාය එතරම්  මෙරට අන්තර්ජාතික වෙළඳාම සඳහා යොදා නොගන්නා බව සැබවි. නමුත් අතීතයේදී නම් එය එසේ වන්නට ඇතිදැයි  සිතිය නොහැක.  මන්දයත් දැනුමෙන් හෝ නොදනුමෙන් අතීතයේ දීර්ඝ කාලයක් තිස්සේ  ගන්නට ඇත්තේ ඉතා පැහැදිළිවම හරහා බව සිතිය හැක. එනිසා අනුරාධපුරයේ මෙරට අගනගරය බිහිවන්නට පෙර මෙරටේ අගනගරය වන්නට බොහෝ ඉඩකඩ ඇත්තේ ගොකන්නට ආසන්න ස්ථානයක් බව මාගේ නිගමනයයි. ඒ සඳහා හේතු සාධක වන  කරුණු කාරණා මොනවාදැයි විමසා  වටිනා බවයි මාගේ අදහස වන්නේ.


ප්‍රධාන කොටම භූ විද්‍යත්මකව සලකන කල භූ ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාවිකව බිහි වූ ගැඹුරු ආගාධමය වරාය ලොව පවතින ඕනාම ප්‍රමාණයක යාත්‍රාවක්  මෙරටට කැන්දන්නට හේතු වීම තුල පහසුවෙන් නැංගුරම් ලා හැකි වරායක් පිහිටි ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකව ලෝකයේ පචලිත වීම සුවිශේෂී කාරණාවක් බව ඒත්තු යයි. එමගින්  අප ලද වාසිය වන්නේ ලොව පවතින කාර්යබහුල වාරයක් මෙරටට හිමි වීමයි. බොහෝ  දුර ඉන්දියන් සාගරයේ ගමන් ගන්නා යත්රාවනට මෙවැනි වරායන් කදිම නවාතැන් පළවල් වන්නේ භාණ්ඩ හුවමාරුවට වඩා  යාත්‍රාවට අවැසි ජලය ආහාර වැනි පහසුකම් ලබා ගැනීමට යි. ඒ පමණක්ම වුව ගනු දෙනු කලේ නම් එය ද පමණක් මෙරට ආර්ථික දියුණුව සඳහා  ප්‍රමාණවත් වන්නට ඇති බව මාගේ හැඟීමයි. 


සහල් ඇතුළු අනෙකුත් අහාර ද්‍රව්‍ය එනිසාම මෙරට වග කරන්නට ඇති බවත්  එපමණක් නොව ඉල්ලුම පරිදි බොහෝ විට නොරට අහාර ද්‍රව්‍ය පවා මෙරට වගා කරන්නට ඇති බවයී මාගේ හැඟීම වන්නේ. එපමණක් නොව යාත්‍රිකයන්ට  අවැසි බොහෝ දේ සපයන්නට හැකි කදිම වෙළඳ පොලක් මෙන්ම ඒවා නිෂ්පාදනය කරනා කර්මාන්ත ද මෙරට බිහිවන්නට ඇත. ඒ අතර වඩා ප්‍රමුඛ  ඉල්ලුමක් ඇති ලෝහ සඳහා වෙළඳපොළ කදිමට මෙරට ස්ථාපනය වන්නට ඇත, ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ දමස්කස් කඩු  සඳහා අවැසි යකඩ සහ වානේ මෙරටින් සපයා ඇති බව සඳහන් වීමයි.    වෙළඳපොළ සඳහා ඇති ඉල්ලුම සපයන්නට අපගේ සේරුවිල ප්‍රදේශයේ කරගෙන යන ලද යකඩ කර්මාන්තය ප්‍රමාණවත් වන්නට ඇති බව මාගේ හැඟීමයි. ඒ සඳහා කදිම නිදසුන් සැපයෙන්නේ මේ ප්‍රදේශයේ  දක්නට ලැබෙනා අහක දමා ඇති යබොර කඳු යි. 


එකල භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍යවන බහාලුම්  නිර්මාණයද මෙරට සිදුවන්නට ඇත.  ඉතා බහුලව රට මැදින් හමුවන මැණික් වැනි වටිනා ද්‍රව්‍යයද ලෝක වෙළඳපොළට එක්  කරන්නට ඇති බව නොඅනුමානයි. එපමණක් නොව මැටි  ආශ්‍රිත කර්මාන්ත ඉතා දියුණු මට්ටමක පවතින්නට ඇත. විවිධාකාරයේ මැට්ටෙන් නිර්මානය කල භාජන අන්තර් ජාතික වෙළඳපොළට හඳුන්වා දෙන්නට ඇත.  වීදුරු ආශ්‍රිත නිර්මාණ ද පබළු කර්මාන්තයන්ද මෙරට වෙළඳපොළට ආලෝකයක් එක කරන්නට ඇත. මෙවැනි දේ පිළිබඳව යම්කිසි හෝ සැකයක් ඇතිකරගන්නට අවශ්‍ය නොවන බව අපට පෙන්වා දෙන්නේ මෙරට විසු අතීත  ජනතාවගේ නිර්ම්නශිලිත්වය සහ නවෝත්පාදන කිරීමේ හැකියාව හේතුවෙනි. මෙම නිර්මාණ ඇත්තන්ම අපව විශ්මයට පත්කරන බව අමුතුවෙන්  නොවේ. ඉතා සුළු දෙකට පවා භාවිතා  කරන්නාවූ භාණ්ඩ සඳහා වුආ කදිම නිර්මණාත්මක බවක් එක්  කර ඇති  බව අධ්‍යනයෙන් අපට පැහැදිලි වෙයි. 

ත්‍රිකුණාමලයේ සංචාරය කර ඔබ මේ කරුණු සිහි තබා ගන්නේ නම් මේ සඳහා වැදගත් වන සාක්ෂි සොයාගත හැකි බවයි මාගේ හැඟීම.  ත්‍රිකුණාමලය අද ඔබ දකිනා ආකාරයෙන් බොහෝ වෙනස් වන්නට ඇත. බොහෝ කාර්ය බහුල ගොඩනැගිලි පිරුණා වූ නගරයක් වන්නට ඇත. බොහෝවිට එය එකල්හි මෙරටේ අගනගරය වන්නට ද ඇත. මෙය මාගේ අදහසක් පමණක් වන අතර ඒ සඳහා විද්‍යාත්මක සාක්ෂි සොයා ගත යුතුය. එනිසා බොහෝ පර්යේෂණ අප සිදු කල යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday, 18 July 2020



ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික තඹ  යකඩ වෙළඳාම …!!!

භූ සංචාරිතය 18
This article is originally published on Vidusara 15th July, 2020.


පසුගිය කාලය නැගෙනහිර පළාත දමිළ ත්‍රස්තවාදය නිසා දකුණේ අපිට තහනම් කලාපයක් වෙලා තිබුනා ඔබට මතක ඇති. සිදුකරන ලද මානුෂීය මෙහෙයුම් හේතුවෙන් මෙම ප්‍රදේශය මුදා ගැනීමට හැකිවිම අපට බොහොම නිදහසේ පර්යේෂණ කරගෙන යාමට මහත් පිටිවහලක්  වූ බව නොකියාම බැරිය. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මා මිතුරු ආචාර්ය අර්ජුන සහ ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙකු සමග මෙම පළාතේ පර්යේෂණයක් සඳහා යාමට මාහට අවස්තාව හිමි වූයේ කුරිරු ත්‍රස්තවාදය නිමි වී  වසර දෙකකට පමණ පසුවයි. එය අදත් මා මහත් භාගයක් කොට සලකන අතර මා මිතුරු අර්ජුන හට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව මාගේ සහභාගීත්වය මෙම පර්යේෂණය සඳහා අත්‍යවශය කොට සලකා මා හට අවස්ථාව  ලබා දුන් නිසාවෙනි. අපගේ ගමනාන්තය වූයේ මහත් ප්‍රසිද්ධ සේරුවිල ප්‍රදේශය යි.


සේරු නම් වූ පක්ෂි විශේෂය ගහන විලක් ඇති හෙයින් මෙම ප්‍රදේශය සේරුවිල වූ බවත් නගරය සේරු නුවර වූ බවත් පැවසෙන්නේ ප්‍රදේශවාසීන්  අතර පැතිරී ඇති මති මතාන්තරවලට අනුවය. ඔබ සේරුවිල වටා ප්‍රදේශයේ සංචාරය කර ඇත්නම් භූ රූපණය ගැන අවබෝධයෙන් පසු වුයේ නම්  ඒ ඒ ගම්වල ඇති විශාල ගොඩැලි පිළිබඳව ඔබට එකවරම අවධානය යොමුවනවා නිසැකය. එපමණක් නොව එම ගොඩලි නිර්මාණය වී ඇත්තේ මොනවයින්දැයි නිසැකවම ඔබගේ කුතුහලය අවිස්සෙනවා වැළක්විය නොහැකිය. උදැල්ලක් ගෙන පොළොව  හාරන්නට හිතෙන්නේ මෙන්න මේ වාගේ වෙලාවටය. නමුත් එලෙස අවැසි  නොවන බව විමර්ශනාත්මකව ඔබ පොලොව  මතුපිට නිරීක්ෂණය කලේ නම් ඔබට පසක් වනවා ඇත. යකඩ නිස්සරණයේ අතුරු ප්‍රතිඵලය වන්නේ යබොරයි. යබොර යනු යකඩ නොමැති සිලිකා මිශ්‍රිත පාංශු කොටස් ද්‍රව බවට පත් වී නැවත ඝන වූ ද්‍රව්‍ය වේ. මෙම ද්‍රව්‍ය හඳුනාගැනීම ඉතා පහසුය. යබොර යනු වායු බුබුළු හිර වී සෑදුන විවර බොහෝ ඇති යකඩ නොමැති නිසා ඉතා සැහැල්ලු අංගාර  පැහැ ගත් ඝන ද්‍රව්‍යයකි.  දෙකට කඩා බැලු  විට විදුරු මෙන් දිස්වෙන යබොර අහස දෙසට යොමු කර ආලෝකය බැලීමේදී පවා අපට දැක අගත හැකි වන්නේ ඇතුලත කළු පැහැ බවයි.  තරමක් තද ගතියක් දක්වන මෙම යබොර ශ්‍රී ලංකවේ හමු නොවන පළාතක් ගමක් නොමැතියි. 


සේරුවිල ප්‍රදේශය දක්නට ලැබෙන උස ගොඩැලි සමන්විත වන්නේ මෙලෙස ඉවත දැමු යබොර වලින් වන අතර මේ යබොර ගොඩැලි  අතර තවත් සුවිශේෂී යබොර විශේෂයක් හමුවිය.  එම ද්‍රව්‍යයන් පිටතින් බලු විට ඉතා තද කළු පැහැයකින් යුක්ත වූ අතර මුලින්ම අපට එහි විශේෂත්වයක් නොවූ බව පැහැදිළිය. නමුත් කැබලි කඩා ආලෝකයට අල්ලා බැලීමේදී අප විශ්මයට පත් වූයේ  ඒ තුලින් දිස් වූයේ කළු පහයක් නොව තද නීල වර්නයකි.


නීල  වර්ණය මේ "බොරයට' ලබා දුන්නේ කෙසේද යන්න රසායන විද්යාව හැදෑරුවෙකුට  නම් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය. පරිසරයේ හමුවන විවිධ ලෝහ කැටායන පිළිස්සීමේදී විවිධ වර්ණයන් ලබා දෙන බව දැල්ලේ පරික්ෂාව කල ඇත්තෙකුට නම් අමතක නොවනු ඇත. එම ලෝහ අතුරින් තඹ ලෝහය නිල පැහැය ලබා දෙන බව එකවරම සිහියට නැගෙනු ඇත. එසේ නම් මෙම බොරයන්ට නීල  පැහැය ;ලබා දෙන්නේ තඹ නිසා බව අපට නිගමනය කල හැක. මෙම ද්රව්යයන් අපට ලැබෙන්නේ එසේ නම් තඹ නිස්සරණයේදී විය යුතුය.


තඹ ලෝහය නිස්සරණයේදී ලබා දෙන මෙම අතුරුඵලය " තඹ + බොරය", තම්බොර නැතහොත් "තඹොර" ;එස අපට හැඳින්විය හැක (යකඩ + බොරය -යබොර නම්).  මේ අපුරු අතුරුඵලය නිසා ලෝකයේ වීදුරු පබලු නිර්මාණයට හේතුවන්නට ඇති බව මාගේ පෞද්ගලික මතයයි. විවිධ ලෝහ වර්ග භාවිත කර ඉන්පසු ඔවුන් විවිධ වර්නැති පබළු නිර්ම්නයට පෙළඹෙන්නට  ඇත.

දැනටමත් අප හොඳින්ම දන්නා කරුණ නම් සේරුවිල ප්‍රදේශයේ කදිම තඹ නිධියක් හමුවන බවයි. එසේනම් අපගේ පුරාණ  ඇත්තන් මෙම තඹ නිධියේ තඹ නිස්සරණය කරන්නට ඇත. සේරුවිල ප්‍රදේශයේ මෙම තඹ නිධිය අපගේ පරික්ෂාවට භාජනය වූයේ තඹොර හමුවීමෙන් ඉන්පසුවයි. මේ කාරියේදී පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ නිලධරයෙකු වන ඉන්දික මහතාගේ මෙම ප්‍රදේශය පිලිබඳ වූ දැනුම සහ අපුරු සොයාගැනීම් මනා පිටිවහලක් වූ බව මෙහි ලා සඳහන් කල යුතුය. එම සොයා ගැනීම් තහවුරු කරන්නට භූ විද්‍යා දැනුම මාගෙන් හිමි විය. මීටර පහක් පමණ පළලැති ප්පොලොවේ කණින ලද විශාල ඇලි අපට හමු වූ අතර ඒවා නිසැකවම තඹ පමණක් නොව යකඩ ද නිස්සාරණය සඳහා අවැසි අමුද්‍රව්‍යය ලබා ගත් පතල් බව තහවුරු විය.  

අතීතයේ , වසර 2500ට පෙර සිටම මෙම ප්‍රදේශය කර්මාන්ත පුරයක්ව පවතින්නට ඇති බව මාගේ අදහසයි. යකඩ සහ තඹ ආශ්‍රිත කර්මාන්ත වලින් නිමවන ලද විවිධ භාණ්ඩ අපනයන සඳහා කදිම වෙළඳ පොළක් අන්තර්ජාතික වාරයක් පිහිටි ගෝකන්න (ත්‍රිකුණාමලය)  ප්‍රදේශයේ පවතින්නට ඇති බව මාගේ නිගමනයයි. එපමණක් නොව මේ ආශ්‍රිතව තව කොපමණ අතුරු කර්මාන්ත බිහිවන්නට ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා බොහෝ පර්යේෂණ කල හැකිය. ඒ අනුව අපගේ තාක්ෂණය කොපමණ දියුණුවකට පත්වන්නට ඇත්දැයි ඔබට සිතා ගත හැකිය. ඒ ඔස්සේ ශ්‍රී ලාංකික නව නිපැයුම් ලෝකයේ බොහෝ රට රටවලට රැගෙන යන්නට ඇත.  එමෙන්ම ලෝකයේ විවිධ නිෂ්පාදන මෙරටට පැමිණෙන්නට ඇත. මෙමගින් පෙනී යන කරුණ නම් මහතිත්තට වඩා දියුණු සහ ප්‍රධාන වෙළඳ පොළක්  වන්නට ඇත්තේ ගොකන්නයි, සේරුනුවරයි. නමුත් අදවනවිට වරායද මෙරට බහුල මෙම අමුද්‍රව්‍යද නිසි පරිදි රටේ දියුණුව සඳහා යොදාගන්නේ නැති බව අප හැමෝම දන්නා කරුණකි. යකඩ ද තඹ ද බොහොමයක් වීදුරු නිෂ්පාදන ද මෙරට භාවිතා කරන්නේ පිටරටියන්ගේ නිෂ්පාදන ලෙසයි. එවන් වූ උසස් තාක්ෂණයක් හිමිව සිටි අප අපගැනම දුක් විය යුතු නොවේද යන්න ඔබට වැටහෙනවා ඇතැයි මම සිතමි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 8 July 2020


 භූ සංචාරිතයට කදිම වවුල්පනේ ටුෆා ගුහාව ….!!!
The article is originally published on Vidusara, 08.07.2020.


ලෝකයේ ඉතා සුප්රසිද්ධ ගල් ගුහා බොහොමයක් නිර්මාණය වී ඇත්තේ හුණුගල් තුලයි. හුණුගල් යනු අවසාදිත පාෂාණයක් වන අතර එහි රසායනික සංයුතිය කැල්සියම් කාබෝනේට් වෙයි. මැග්නීසියම් කාබෝනේට් ද එහි නැතුවා නොවෙයි. මලයාසියාවේ "බටු ගුහා" එවැනි ආකාරයට හුණුගල් තුල බිහි වූ ගුහා සමුහයකි. ලෝකයේ ගැඹුරුම ගුහාව ලෙස සැලකෙන  කෘබේරා ගුහාව පවා නිර්මාණය වී ඇත්තේ හුනුගලක් තුලයි. නමුත් මෙයට වඩා ගැඹුරු ගුහාවක් සොයාගත් බව ගුහා ගවේෂක බිල් ස්ටෝන් 2017 දී කල ප්‍රකාශයත් සමගම එම වාර්තාව බිඳ වැටෙන බව පෙනී යයි. එම ගුහාව හමුවන්නේ මෙක්සිකෝවෙනි. ගුහාවේ නාමය වන්නේ චීව් (Cheve) වන අතර ගැඹුර වන්නේ සැතපුම් 1.6 කි. නමුත් කෘබේරා ගුහාවේ ගැඹුර සැතපුම් 1.3 පමණ වෙයි. කෙසේ වෙතත් මේ ගුහා දෙකම නිර්මණය වී ඇත්තේ හුණුගල් තුල වීම විශේෂත්වය වෙයි. මින් පහැදිලි වන්නේ ගැඹුරු සහ විශාල ගුහා නිර්මාණය වීම සඳහා පාෂාණය බලපාන බවයි. විශේෂයෙන්ම අවසාදිත පාෂාණයක් වන හුණුගල වල දුර්වලතාවය මේ සඳහා හේතුවන බව නිගමනය කල හැක. 


හුණුගල ඉතා පහසුවෙන් ජලයේ දියවීම හේතුකොටගෙන මෙවැනි භූ රූපණ  නිර්මාණය වන බව අප අවබෝධ කරගත යුතුය. බොහෝවිට මතුපිට ගලා යන ජලය ආම්ලික වන්නේ කාබන්ඩයොක්සයිඩ් මෙන්ම කාබනික ද්රව්යයද  එහි දියවීම නිසායි. එනිසා ජලයේ  ආම්ලික තත්වය වැඩිවන අතර එනිසා එහි බලපෑම හේතුකොටගෙන කබෝනේට දියවීම ආරම්භ වේ.  වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය වැඩිවීම ද මේ තත්වය උග්‍ර  කරන්නට හේතුවන බව අමතක නොකළ යුතුය. එනිසාම කබෝනේට්  පාෂාණ පමණක් නොව සිලිකේට් පාෂාණවල ඉරණම ද තීන්දු කරන්නට හේතුවන බව මෙහිලා සඳහන් කල යුතුය. 


භූ සංචාරිතයේ මෙවර අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සුප්රසිද්ධ කාබෝනේට් ගුහාවක් වෙතයි. ඒ වෙන කිසිවක් නොව ඔබ හොඳින් දන්නා  "වවුල්පනේ ගල් ගුහාවයි". කහවත්ත නගරයෙන් හැරී කිලෝමීටර හතළිහක් පමණ බුළුතොට රක්වාන කඳුපන්තියේ මුණ ගැහෙනා මේ අපූරු  ගල්ගුහාව ඔබ තවමත් දැක බලාගෙන නොමැතිනම් වහාම ඒ සඳහා යොමු විය යුතුමය. සිත සනහන අපූරු  ඉසව්වක පිහිටි මේ ගුහාව දැක බලා  ගැනීමට දිවයිනේ බොහෝ පිරිසක් එන බව අමතක නොකළ යුතුය. 


ශ්‍රී  ලංකාව භූ විද්යාත්මකව ගත්කල නිර්මාණය වී ඇත්තේ විපරීත  පාෂාණ වලිනි. එනිසා රටේ බහුතරයක් ප්රදේශවල හුණුගල් (අවසාදිත පාෂාණ) හමු නොවේ. හමුවන්නේ නේ නම්  ඒ යාපනය ප්රදේශයේ සහ මන්නාරම ප්රදේශයේ බව සඳහන් කල යුතුය. විපරිත හුණුගල් හඳුන්වන්නේ කිරිගරුඬ යන නමිනි (Marbal). නමුත් මෙහි ඇති  විශේෂත්වය වන්නේ මෙම වවුල්පනේ ගුහාව එලෙස කිරිගරුඬ පාෂාණයක නිර්මාණය වූ ගල් ගුහාවක් නොවන බව අමතක නොකල යුතුය. මේ සුවිශේෂී නිර්මාණය සිදුවුයේ කෙලෙසකදැයි අප මෙහිදී සාකච්චා කරමු. 


පවතින පාරිසරික තත්වයේ සිදුවන වෙනස්කම්  නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස්වන අතර එනිසා වැසි ජලයේ ආම්ලිකතාවය අඩුවැඩි විය හැක.   මේ තත්වය මත වැඩිවන අම්ර්ලිකතාවය හමුවේ කබෝනෙට් පාෂාණ දියවන අතර ඇතිවන ජල පහර ඔස්සේ මෙම රසායනය වෙනත් වෙනත් ස්ථාන  ප්‍රවාහනය විය හැක. එලෙස ප්‍රවාහනය වන කබෝනෙට් රසායනය සුදුසු කල්හි නැවත අවක්ෂේපණය වන අතර එවිට ඝන කැල්සියම් කබෝනේට් බිහිවෙයි. එහිදී ක්‍රමයෙන් ඝන බවට පත් වීමේදී කැල්සයිට් සහ මැග්නසයිට් ඛනිජ බිහිවන අතර එය නව පාෂාණයක් නිර්මාණය කිරීම සඳහා හේතු වෙයි. ජල පහරක දෙපැත්තේ මෙලෙස මෙම ඛනිජය තැන්පත් වීමෙන් ක්‍රමයෙන් ජල පහර වට කරමින් ගුහාවක ආකාරයට බිහි වීම සිදුවේ. 


ආම්ලික වැසි ජලය භූ අභ්‍යන්තරයේ වූ කාබනේට් පාෂාණයක් දියකරන්නට සමත් වූ විට දිය වූ රසායනය භූ අභ්‍යන්තර කුහර, කුස්තුර සහ පැලුම් ඔස්සේ ගමන් කර එලියට පැමිණෙන්නේ ජල උල්පතක් ලෙසයි. භූ අභ්‍යන්තරයෙන් එකවරම එළියට පැමිණීම ජලයේ කාබනික සාන්ද්‍රණය වෙනස්කරන්නට හේතුවන අතර එය එකවරම කබෝනෙට් අවක්ෂේප කරන්නට හේතුවෙයි. 


ඉහත කී ආකාරයේ පැහැදිලි කිරීමක් "වවුල්පනේ ගුහාව" නිර්මාණය වීම සඳහා යොදා ගත හැක. බොහෝ ඈත ස්ථානයක පවතින කිරිගරුඬ පාෂාණයක් දියවීමෙන් භූ අභ්‍යන්තරයෙන්ම රැගෙන ආ  කාබනික ජලය උල්පතක් ලෙසින් එළියට පැමිණීමෙන් ඇති වූ තත්වය හමුවේ අවක්ෂේපණය වූ කාබනේට වවුල්පනේ ඇතිකරන්නට හේතු වී ඇති බව පෙනී යයි. භූ විද්‍යත්මකව මෙවැනි ගුහා හඳුන්වන්නේ ටුෆා (tuffa ) ලෙසයි. උල්පතෙන් ඇති වූ ජල පහර වටකරමින් අවක්ෂේපණය වූ කාබනේට ගුහා ආකාරයේ  ව්‍යුහයක් නිර්මාණය කරන්නට හේතු වූ අතර වරින් වර වෙනස්වන ජලපහරේ හැසිරීම ද ගුහාවේ හැඩය තීරණය කරන්නට හේතුවන්නට ඇත. වරින් වර වෙනස් වූ ජල පහරේ ගමන් මග පෙන්නුම් කරමින් ගුහාවේ බිත්ති වල තැන්පත් වූ බෝල ගල් සහ පෙබලු ඉතා හොඳින් දැක ගත හැකි වීම ඉහත කරුණ මනාව සනාථකරන බව මෙහිලා සඳහන් කල යුතුය. ඉතා දිගුකාලයක් තිස්සේ සිදු වූ මෙම අපුරු භූ ක්‍රියාදාමය චාතුර්ත අවධියේ සිදුවූවක් ද ඉන් ඔබ්බට රැගෙන යා හැකිදැයි තවමත් නිශ්චිත කරුණු ගොනු වී නොමැති බව කිව යුතුය. මෙම අවක්ෂේපනයත් සමග ගොනු වූ සමහර සතුන්ගේ ද ශාකවල ද කොටස ප්‍රාග් ජීව ධාතූන් ලෙස මෙහි තැන්පත් වී ඇති බව නිසැකය. 


මා වරෙක පැවැසූ පරිදි ගුහා සංචරණය ආදී කාලික පුරුද්දක් බව අමතක නොකළ යුතුය. එනිසා මෙම අපුරු භූ ව්‍යුහයද භූ සංචාරිතයක් කරගන්නට මෙරට බොහෝ ජනතාව උත්සාහ කරන බව පෙනී යයි. නමුත් ඒ සඳහා යොමු වීමේදී බොහෝ කරුණු කාරනා පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. මෙවැනි භූ ව්‍යුහයන් විවිධ ජිවින්ගේ වාසභූමි බවට පත් වී ඇත. එනිසා ඔවුන්ගේ දිගුකාලීන පැවැත්ම තහවුරු කල යුතුය. මිනිසාගේ ඇඟිලි ගැසීම් නිසා සැමවිටම යහපත් පරිසරය අයහපත් වන බැවින් ගුහා සංචරණය නිසි ක්‍රමවේදයකින් සහ පාලනයකින් සිදු විය යුතුමය. එනිසා තවමත් මෙරට එවැනි තත්වයක් ඇති වී නොමැති නිසා ගුහා සංචරණය ප්‍රචලිත කිරිම පිළිබඳව අප දෙවරක් සිතිය යුතුය.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 2 July 2020

ගෙඩි ඉල්ලම්  ඇතිවන්නේ කොහොමද ?
භූ සංචාරිතය 16
The article is originally published on Vidusara, 01.07.2020.

අපේ රටේ මිණිපුරය රත්නපුරයයි. රත්නපුර බේසමේ තැන්පත් වූ ආදී කාලික මිනිකැට පොළොවේ ගැඹුරට විද විද ලබා ගන්නෝ  මැණික් පතල් කරුවෝය. මිනිකැට බරය. තදය. වර්ණවත්ය , නැතහොත් අනෙකුත්  බොරළු පෙබලු වලින් සපුරා වෙනස්ය. ඇස හුරුවූවන්ට මිනිකැටයක් හඳුනාගැනීම කජු කනවා වගේය . මෙතරම් අපූරුවට දිස්නේ දෙන ගල්කැට බිහිවන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්රශ්නයකි.  මේ පිළිබඳව අප භූ සන්චාරිතයෙන් අද අප  කතා කරමු. අපගේ ගමනාන්තය මිනිපුරයට ආසන්න  ඇහැලියගොඩටයි.

ඇහැලියගොඩ ප්රසිද්ධ වන්නේ සුවිශේෂී මැණික්  පතල් වර්ගයකටයි.  ලංකාවේ අනෙකුත් ස්ථානවල ද නැතුව නොවෙයි. නමුත් ඉතා ගැඹුරේ අපට හමුවන මෙම පතල්  හඳුන්වන්නේ "ගෙඩි පතල් " ලෙසයි. "ඕන්න පුතේ ගෙඩියක් හෙම මතු වුනොතින් පරම්පරා ගණනාවකට මදැයි" පළිගු සීයා කිවේ බුලත් කහට බැඳුනු තම දත් වහල්ල විලිස්සමින්. පලිඟු සීයා මැණික් පතල් කර්මාන්තය ගැන බොහෝ අත්දැකීම් ඇති දැනට විශ්රාම සුවයෙන් කාලය ගත කරන ගැමියෙකි. ඔහුගේ දවසේ කාරිය දවස් තිස්සෙම බුලත් විට සරි කග ගැනීමයි.  ගැනත් ඔහුගේ ක්රියා ගැනත් අත්දැකීම් ගැනත් බොහෝ කතා රාශියක් ඇතිමුත් ඒවා ගැන වෙන වෙලාවක අපි කතා කරමු. එකිනෙකට වෙනස් ත්රාසජනක සහ විනෝදාත්මක කරුණු රාශියක් ඔහු අපට ඉදිරිපත් කලේ වරුවක්ම අපව සිනා සයුරේ ගිල්වමිනි.

පලිඟු සීයාට අනුව හොඳ ගෙඩියක් වැදීම  පරම්පරා ගානක් ගොඩයන්නට හේතුවකි. ඒ තරමටම මිලක් ගත හැකි කදිම  ජාති ගල් ගෙඩියෙන් හමුවෙයි. "පුතේ ඔය ගෙඩියක තනිකරම තියෙන්නේ එක්කෝ නිල් කැට පලිඟු, නැතිනං රතුකැට  පලිඟු  ඒත් නැතිනං ගෙවුඩ පලිඟු". පලිඟු කියලා කියන්නේ ඉතා අපුරුවට වැඩුන ස්ඵටික හමුවන නිසා. ගෙඩියක් යනු භූ අභ්යන්තරයේ හමුවන මැණික් නිධියකි, මෙවැනි නිධි මතුපිටට ආසන්නයේ පවා හමුවිය හැක. නමුත් මෙහි විශේෂත්වය මෙම මැණික් ගෙඩි  හමුවන්නේ මාලවේ එනම් ජීර්ණය වන පාෂාණයේ වීමයි. 

මැණික් නිධි වර්ග දෙකක්  ප්රධාන වශයෙන් ලංකාවේ හමුවේ. ඒවා ප්රාථමික නිධි සහ ද්විතියික නිධි ලෙස හඳුන්වයි. ද්විතියික නිධි ගොඩනැගෙන්නේ ඛාදනයේ සහ පරිවහනයේ ප්රතිඵලයක් ලෙසයි. එනිසා බොහෝ විට හමුවන්නේ ගංගා, ඇලදොළවල ගමන් මග ඇසුරු කරගෙනය, කොටින්ම ද්විතියික නිධි තැන්පත් වීම සඳහා ජලයේ සහය අවශ්යමය. ප්රාථමික නිධි ගොඩ නැගෙන්නේ ජිර්ණයේ ප්රතිඵලයක් ලෙස නැවුම් පාෂාණවල වූ මැණික් සහ පාෂාණ කොටස් පාංශු දේහයට එක්  විම නිසයි. පාෂාණ යනු ඛනිජ සමුච්චයක එකතුවකි. පාෂාණය නිර්මාණය වන විටම ඛනිජ සමුච්චය ද බිහි වී හමාරය. ආගනේයකරණය ද විපරිතකරණයද අවසාදිතකරණය ද පාෂාණ ද ඛනිජ ද බිහිකරන ප්රධන භූ ක්රියාකාරකම් වෙයි. එයට අමතරව ජීර්ණය මැටි වැනි ද්විතියික ඛණිජ බිහිකරයි.නමුත් එමගින් මැණික් ඛණිජ  බිහිවන්නේ නැත. ඒ සඳහා  හේතුවන්නේ ඉහත කී  භූ ක්රියාකාරකම් ත්‍රිත්වයයි. එනිසා පාෂාණයක් බිහි වී පෘතුවි මතුපිටට ආ පසු නැවත එම පාෂාණයේ අලුත් මැණික් ඛනිජ බිහිවීමක් සිදුවන්නේ නැත. 

වතාවක් මා කි පරිදි විපරිතකරණය ඉතා අපුරු සංකීර්ණ භූ ක්රියාකාරකමකි. ඝන 
අවස්ථාවේදීම අදාළ උෂ්ණත්වයට සහ පිඩනයට අනුරූපව ඛනිජ බිහිවන අතර මෙහිදී රසායනික සංයුතියේ වෙනස්වීමක් සිදුවන්නේ නැත. එකම රසායනික සංයුතියකින් හෙබි සංයෝග පද්ධතියක් ලැබෙන තාපය හා පීඩනය පදනම් කරගෙන එය ගැලපෙන ඛනිජ සමුච්චයක් බිහිවීමයි එහිදී සිදුවන්නේ. නිල් , රතු සහ ගෙවුඩ වැනි ඛණිජ  බිහිවන්නේ කුරුවින්ද (කොරන්ඩම්) කුලයෙනි. මෙහි රසායනික සංයුතිය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩය  පමණකි. එනිසා සංයෝග පද්ධතියේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ඉස්මතු වීම තුල පමණකි මෙවැනි ඛනිජ බිහිවන්නේ. එනිසා සංයෝග පද්ධතියේ වැඩිපුර ඇලුමිනියම් තිබීම ඉතා වැදගත්ය. බොහොමයක්  ඇලුමිනියම් ඔක්සයිඩ පවතින අනෙකුත් රසායනිකයන් වන සිලිකා වැනි සංයෝග සමග මිශ්රවී වෙනත් සිලිකේට ඛනිජ බිහිකරන අතර සියලු සිලිකා සංයෝග පද්ධතියෙන් ප්රතික්රියා කර  අවසන් වී ඉතිරිවන ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටිකිකර්ණය වීමෙන් කුරුවින්ද මැණික් කුලයේ ඛනිජ බිහිවෙයි. පාෂාණ පරිසරයේ ඉතා අධිකව හමුවන සිලිකා හමුවේ මෙම ක්රියාදාමය කන කැස්බෑවා හඳ  දකින්නා හා සේම ඉතා දුර්ලභ ක්රියාවලියකි. මෙම මැණික්වල දුර්ලභ භාවයට හේතුවත් එයම වෙයි. 

ඇලුමිනියම් ඔක්සයිඩ ස්ඵටික වලට පාට ලබෙන්නේද කදිම ආකාරයටයි. සංයෝග පද්ධතියේ ඉතිරිවන අපද්රවය අතර ක්රෝමියම් ලෝහය තිබුනේ නම් එය හේතුවන්නේ රතු කැට  බිහිකරන්නට වන අතර රුටයිල් සහ යකඩ ඔක්සයිඩ ඇතිවිට කදිම නිල්  මැණික් බිහිකරයි. එහිදී මෙම  එකිනෙක ප්රතික්රියා කරන්නට අවැසිය . එසේ නොවන්නේ නම් බිහිවන්නේ ගෙවුඩ වැනි මැණික් වර්ගයි. එනිසා ඉතා පහසුවෙන් ගෙවුඩ රත් කර මෙම සංයෝග මිශ්රකර නිල්  මණික බවට  පත්කළ හැක.
ඇහැලියගොඩ ඇත්තේ මෙලෙස නිර්මාණය වූ මැණික් ගෙඩි ඉල්ලම් වන අතර ගෙඩියක එකම වර්ගය මැණික් හමුවන්නට හේතුව ඔබට දැන් අවබෝධකරගත හැකි යයි සිතමි. මාලාව යනු ජීර්ණය වන පෂණයයි. මීටර තිහක් හතළිහක් ගැඹුරේ ජීර්ණය වෙමින් පවතින පාෂාණයේ හමුවන මෙම ගෙඩි ඉල්ලම් කැනීම්  එක්තරා ආකාරයක මැණික් පතල් තාක්ෂණයක් වන අතර ඒ සඳහා පළපුරුදුකරුවෝ සිටිති. හැමෝටම මේ කාරිය කල නොහැක. එනිසා වැඩ දන්නා මනුස්සයට මෙම ක්ෂේත්රයේ හොඳ තැනක් ඇත. පතල ගැසීම නිසි පරිදි කල යුතුය මන්දයත් මෙහි අරමුණු වන්නේ ඉතා ගැඹුරට යාමයි. එනිසා ඉදි කරන ව්‍යූහය ඉතා ශක්තිමත් විය යුතුය, පතල ගසන්නා ගේ දක්ෂතාවය මත අනෙකුත් වැඩකරුන්වන්න්ගේ ජිවිත  රැඳී තිබේ. 

මෙවැනි ගොඩ පතල් හමුවන්නේ ඇහැලියගොඩ පමණක් නොවේ. දෙවසරක පමණ කාලයක් මාහටද  මැණික් පර්යේෂණ ක්ෂේත්‍රයේ භූ විද්‍යඥයෙකු ලෙස සේවය කරන්නට හැකි වූ  අතර එනිසා විවිධ ප්‍රදේශවල තිබු මෙවැනි ප්‍රාථමික නිධි අධ්‍යනය කරන්නට හැකියාව ලැබුණි. කොස්ලන්ද ප්‍රදේශයේත්, හල්දුම්මුල්ල ප්‍රදේශයේත්, වැල්ලවාය ප්‍රදේශයේත් විවිධ ස්ථාන වල මෙවැනි ප්‍රාථමික නිධි හමුවන අතර කොලොන්න ප්‍රදේශයේ හමුවූ එවැනි නිධියක තිබුනේ තනිකරම රෝස පැහැති කුරුවින්ද  පලිඟු කැටයි. මැණික් නොවන කුරුවින්ද මෙවනි ස්ථානවලින් බොහොමයක් හමුවන අතර ඒවායේ වටිනාකමක් නොමැතිය. කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේත්, ගලපිටමඩ ප්‍රදේශයේත් ස්ථාන දෙකක මෙවැනි මැණික් නොවන කුරුවින්ද නිධි දෙකක් හමුවේ. මෙහි විශේෂත්වය වන්නේ නැවුම් පාෂානයේත් ජීර්ණය වූ පාෂානයේත් මෙම කුරුවින්ද පලිඟු කැට  දක්නට ලැබීමයි. එයට අමතරව රත්නපුරය අවට ප්‍රදේශවල ද බලන්ගොඩ තන්ජන්තැන්න වැනි ප්‍රදේශවලත් මෙවැනි ප්‍රාථමික  මැණික් නිධි හමුවන  බව වාර්තා වේ. 

මැණික් පතල් හා ආශ්‍රිත සංස්කෘතිය ගැන අවදානයක් දක්වන්නන් සහ අධ්‍යනය කරන්නන් ගෙඩි පතල් කර්මාන්තය ගැන විමසිය යුතුමය මන්දයත් ඒ හා සබැඳි ඉතා අගනා සංස්කෘතික කරුණු රාශියක් ගොනු කර ගත හැක. පතලකට බැස  ඔබ එම අත්දැකීම ලබා ගත යුතුමය. ඉතා සුන්දර මැණිකක් ඔබ වෙත ගෙන එන්නට වෙහෙස වන පතල් කරුවන්ගේ කාරිය ඔවුන්ගේ උත්සාහය අගය කරන්නට නම් ඔබ ඔවුන් වෙත යායුතුමය

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 25 June 2020


භූ සංචාරිතය 15

This article is originally published on Vidusara 24.06.2020.


“වර්තමානය අතීතයට යතුර” බව පවසන්නේ නවීන භූ විද්‍යාවේ පියා වූ ජේම්ස් හට්න් (James Hutton) නම් වූ ස්කොටිස් ජාතික භූ විද්‍යාඥයායි. භූ විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් වූ මේ කියමන බොහෝ තැන්වලදී අප භාවිත කරන මුත් එය සෑම තැනකදීම නිවැරදිදැයි කීයෙන් කී දෙනෙකු අධ්‍යනය කර ඇත්දැයි නොදනී.  ඔහු මේ පවසන්නේ වර්තමානයේ සිදුවන බොහෝ සොබාවික ක්‍රියාදාමයන් ඒ ආකාරයෙන්ම අතීතයේදී ද සිදු වූ බවයි. ඇත්තටම එය කොතරම් දුරට නිවැරදි ද? වර්තමානයේ සිදුවන එකම ආකාරයේ භූ සංසිද්ධීන් සමුහයක් අතීතයේදී ද සිදුවුනා යයි පැවසීම මටනං තරමක් ප්‍රශ්නාර්ථමය කියමනක් බව පෙනී යයි. අතීතයේ දී සිදු වූ දේ පිළිබඳව අප අද අධ්‍යනය කරන්නේ වර්තමානයේ සිදුවන සිදුවීම් පාදක කරගෙන නම් වත්මනෙහි සිදු නොවන නමුත් අතීතයේ සිදු වූ භූ සංසිද්ධියක් ගැන අධ්‍යනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කර ගත යුතුය. මේ අප කතා කරන්නේ භූ සංසිද්ධීන් ගැන නම් ඒවායේ වේගය සහ සොබාවය ගැන නම් එය ඉතා ප්‍රශ්නකාරී බව අමුතුවෙන් විස්තර කල යුතු නැහැ. විවිධ භූ විෂයන් හා භූ ක්‍රියකාරකම් ගැන කතා කරන විට මෙහි බරපතල තත්වයක් නොමැතිව මතුපිටින් පමණක් ගැලපෙන කියමනක් බවයි මටනං හැඟී යන්නේ. 


කොහොම වුනත් මේ ගැන ඔබට සිතන්නට ඉතිරි කර අපගේ භූ සංචාරිතය වෙත යමු. කලින් දිනක මා කී පරිදිම වෙරළබඩ පරිසරය භූ විද්‍යාඥයින්හට පර්යේෂණ සඳහා කදිම තෝතැන්නක් බව අමතක නොකළ යුතුය. එනිසා වෙරළබඩ පරිසරය අපගේ භූ සංචාරිතයේ අත්‍යවශය සංධිස්ථානයක් බව නොකියාම බැරිය. එනිසාම වරින් වර වෙරළට පැමිණ යන්නට මා හට අමතක නොවන බව මෙහි ලා සඳහන් කල යුතුය. මුහුදු මට්ටම උච්චාවචනය වීම වෙරළබඩ භූ සංසිද්දීන් පෙළ ගස්වන්නට සමත් ජගතායි. මේ ක්‍රියාදාමය නිසා කලෙක ගොඩ නගන වෙරළබඩ භූ සම්පත් නැවත වරෙක සියල්ල අතු ගා දමන්නට ක්‍රියා කරයි. මුහුද මට්ටම වෙනස්වීම යාමනය කරන්නේ පෘථිවියේ උෂ්නත්වයයි. කොටින්ම කිවහොත් හිරුගෙන් ලැබෙන තාපයයි. කුමන හෝ හේතුවන්  නිසා මෙහි වෙනසක් සිදුවන විට ඉතා පැහැදිළිවම මුහුදු මට්ටමෙහි උච්චාවචනයන් සිදු වේ. ලෝක උෂ්ණත්වය වැඩි වන විට ග්ලැසියර දිය වී සාගර වලට එක් කරන්නේ කලින් ගත් ණයක් ගෙවීමට මෙනි. ඒ ණය අරගෙන ඇත්තේ ශිත යුගයේදී හිම ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා වන අතර උෂ්ණත්වය වැඩිවන විට එම ණය ගෙවීමට සැමවිටම සිදුවනු ඇත. 


ලෝකයේ අවසාන ශිත යුගයේ උපරිමය සටහන් වන්නේ මෙයින් වසර 22000කට පමණ පෙර බව විද්‍යාඥයින් පවසයි. ඒ තත්වය වසර 10000 පමණ වන විට සමතයකට පත් වූ බවත් එනිසා අද පවතින තත්වයට මුහුදු ජල මට්ටම   වැඩි වූ බවත් විද්‍යඥයින් සොයාගෙන ඇත. වසර 10000 කින් පසු ආරම්භ වන්නේ හොලොසින කාලය පරිච්චේදය වන අතර එය නුතන මිනිසාගේ කාලය ලෙසද හඳුන්වයි. කොහොම වුනත් අයිස් යුගය නිම වුවායැයි විද්‍යාඥයින් පවසන්නේ මුත් අප හොඳින් දන්නා එක් සත්‍යක් වෙයි. ඒ තවමත් ධ්‍රැවයේ අයිස් තට්ටු නැතහොත් ග්ලැසියර පවතින බවයි. එසේ නම් අයිස් යුගය සත්‍ය ලෙසම අවසන් වී ඇතැයි පැවසීම ගැටළුවක් බව ඔබට පසක් වනු ඇත. සත්‍ය ලෙස අයිස් යුගය නිමා වන්නේ නම් ලොව පවතින සෑම අයිස් තට්ටුවක්ම නැතහොත් ධ්‍රැවයේ සියලු අයිස් දිය වූ පසුව බවයි මාගේ හැඟීම වන්නේ. කොහොම වුනත් මෙතනදී සඳහන් කල යුතු තවත් කරුණක් වෙයි. ඒ වසර 5000 දී පමණ නැවත වරක් මුහුදු ජල මට්ටම වැඩි වී නැවත අඩු වී අද පවතින තත්වයට පත් වී ඇති බවයි. 


මෙහි දී තේරුම් යන ඒක දෙයක් නම් වර්තමාන තත්වය අයිස් යුගයේ අවසාන අවස්තාව ලෙස පිළිගෙන ඇති බවයි. නමුත් එය කොතරම් සාධාරණ ද යන්න අප වටහා ගත යුතුය. ජේම්ස් හටන්ගේ නියමය පිළිපැදීම නිසා මෙම තත්වය පොදු තත්වයක් ලෙස දකින්නේද යන්නත් අප සාකච්චා කල යුතුය.  


කිරින්ද සිට තංගල්ල දක්වා වූ මුහුද තීරය ඉතා වැදගත් භූ සංසිද්ධියක් පාදක කරගත් ප්‍රදේශයක් බවත් භූ සංචරණයට ඉතා කදිම බවත් මෙහි ලා සඳහන් කල යුතුය. මුහුද ජල මට්ටමෙහි උච්ච්වචනය නිසා එහි ඍජු බලපෑමට ලක් වූ මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි පහත්බිම් වසා පවතින මුහුදු බෙල්ලන්ගේ කවච නිධි හේතුවෙනි. ඉතා පහත් බිම් වල විශේෂයෙන්ම කුඹුරු ආශ්‍රිතවද මෙම බෙලි කවච නිධි දැක ගත හැකිය. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ කලපු ආශ්‍රිතව මෙහි ව්‍යාප්තියේ සම්බන්ධයක් ඇති බව පෙනී යයි. බොහොමයක් බෙලි කවච නිධි හමුවන්නේ මුහුද වෙරළේ සිට කිලෝමීටර එකකට දෙකකට ඈතින් ගොඩබිම දෙසින් බව පෙනී යයි. වැදගත්ම කරණය වන්නේ මෙවැනි මුහුදු බෙලි කවච ගොඩබිමෙන් හමුවන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමයි. මෙවැනි මුහුදු බෙලි කවච නිධියක් බුන්දල උස්බිම් ප්‍රදේශයේ ද හමුවන බව මාගේ මතකයක් ඇත. මුහුද හා සම්බන්ධ මෙවැනි භූ රූපන සහ නිධි හමුවීමෙන් පවසන්නේ මෙහි ඇති වීම කෙරෙහි ඍජුවම මුහුදේ බලපෑමක් ඇති බවයි. එනම් මුහුද මට්ටම නැතහොත් මුහුද මෙම ප්‍රදේශයේ අතීතයේදී පැවති බවයි.   මුහුදු මට්ටම වැඩි කලෙක ගොඩබිම මුහුදෙන් යටවීම අනුමත කල හැක. පසු කාලීනව මුහුදු මට්ටම අඩුවන විට ක්‍රමයෙන් ගොඩ බිම දෙසින් ජලය බැස යන අතර වෙරළට වඩා ගැඹුරු වූ නිම්න කලාප වල ජලය එක් රැස් වී කලපු නිර්මාණය විය හැක. මෙම කලපු වල මුහුද බෙල්ලන්ගේ වර්ධනය සිදුවන අතර දෙපියන් බෙල්ලන් වැනි කෑමට ගත හැකි බෙල්ලන් විශාල වශයෙන් වැඩෙන පරිසර බවට පත් වේ. 


‘මිනිඇතිළිය’ යනු මෙම ප්‍රදේශයේ වූ අපුරු පහත් බිමක් වන අතර දැනට කුඹුරු කර්මාන්තයේ  යෙදෙන පරිසරයකි. වැළලී ගිය ‘මැණික් හාමි’ හමුවන්නේ මෙම ප්‍රදේශයේ එක් කුඹුරකින් වන අතර එම ප්‍රදේශය පුරාවටම භූ අභ්‍යන්තරයේ  දැක ගත හැකි වන්නේ මුහුදු බෙල්ලන්ගේ කවච වලින් පිරුණ භූමියක් බවයි. බොහෝ පුරා විද්‍යඥයින්ගේ මතය වුයේ මෙය පුරාන මිනිසා විසින් කා ඉවත දමන ලද බෙලි කටු නිධියක් බවයි. නමුත් මෙම ස්ථානය අහඹු ලෙස දැක බලා ගැනීමට භාග්‍ය ලද මාගේ නිගමනය වූයේ එය එසේ නොවන බවත් මෙය සොබාවිකව තැන්පත් වූ බෙලි කවච නිධියක් බවත්ය. ලෝකයේ විවිධ ස්ථාන වල එසේ බෙලි කවච නිධි හමුවිය හැකි වුවත් මාත් මාගේ මිතුරු මනොජ් ප්‍රසන්නත් සිදු කල පර්යේෂණයෙන් පැහැදිලි වුයේ මාගේ මතය නිවැරදි බවයි. මිනිසාගේ බලපෑමෙන් එය සකස් වූයේ නම් මෙම නිධියේ වැඩිපුරම හමුවන්නේ  වැඩුන බෙල්ලන්ගේ කවච වන අතර ඒ සඳහා හේතුවන්නේ සැමවිටම ආහාරය සඳහා මිනිසා ලබා ගන්නේ වැඩුන බෙල්ලන් බැවිනි. නමුත් අපගේ අධ්‍යනයෙන් හෙළි වුයේ විවිධ ප්‍රමාණවල බෙලි කටු හමුවන බවත් ඒවා බෙල්ලනගේ වර්ධනයේ එක් එක්අවධි නිරුපණය කරන බවත්ය. ඉතා කුඩා ප්‍රමාණයේ ලපටි බෙල්ලන්ගේ කවච හමු වීමෙන් මාගේ මතය තහවුරු වන අතර තව දුරටත් මුහුද මට්ටම අඩුවීම නිසා මෙම කලපු පරිසර එකවර සිඳී යාම මෙවැනි මුහුදු බෙලි කවච නිධි ඇති වන්නට හේතු වූ බව මාගේ අදහසයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...